ණයට අනුමැතියත් ලබන වසරට කල්යයි ශ්‍රී ලංකාවට ණය මුදල සඳහා අනුමැතිය ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලබන වසරේ මාර්තු මස පැවැත්වෙන මීළඟ විධායක කමිටුවේ රැස්වීම තෙක් සිටීමට සිදුවනු ඇති බවත් එතෙක් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 850 ක කෙටි කාලීන මූල්‍ය පහසුකමක් අවශ්‍ය වන බවත් එය ලබා දෙන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයක් බවත් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසයි. 04 November 2022
සේවක සාදයට පාර්ලිමේන්තු බස් යොදා ගැනීම ගැන පරීක්ෂණයක් සේවක සුහද හමුව සඳහා පාර්ලිමේන්තුවේ බස්රථ යොදා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භවී ඇත. 04 November 2022
පුටින් එනවා නම් මං එන්නේ නෑ ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙන්නැයි තමන්ට ඇරැයුම් ලැබී ඇති නමුත්, රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් සමුළුවට සහභාගී වන්නේ නම්, තමන් ඊට සහභාගී නොවන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ. 04 November 2022
ජනතාව ගැන සංවේදී නැති පාලකයන්ට ඡන්දය දෙන්න එපා රටේ ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදී නොවන දේශපාලකයන්ට ඡන්දය ලබාදෙන්න එපා යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 04 November 2022
යෝධ ග්රහකයක් පෘථිවිය අසලින් යනවා අඩි 100 ක විෂ්කම්බයකින් යුත් යෝධ ග්රහකයක්, අද (4) පෘථිවිය අසලින් යෑමට නියමිත බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. 04 November 2022
අලි මංකඩවල පදිංචිකරුවන් ඉවතට අලිමංකඩවල පදිංචි ජනතාව එම ස්ථාන වලින් ඉවත් කොට ඔවුන්ට පදිංචි වීමට හා වගාවට වෙනත් විකල්ප සුදුසු ස්ථාන සොයා බලන ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නාය. 04 November 2022
අයර්ලන්තයට ලකුණු 186 ක අභියෝගයක් අයර්ලන්තයට එරෙහිව ඇඩිලේඞ් නුවරදී අද (04 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 185 ක් ලබාගත්තේය 04 November 2022
මාව මරන්න හදන්නේ අගමැති ෂෙහ්බාස් ෂරීෆ් තමා ඝාතනය කිරීමට උත්සාහ ගන්නේ වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ඇතුළු තවත් පුද්ගලයන් දෙදෙනකු යැයි පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් චෝදනා නගයි. 04 November 2022
දිල්ලියේ වාතය විෂවෙලා ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය, අනතුරුදායක මට්ටමත් පසු කරමින් ඉහළ ගොස් ඇතැයි ප්‍රාන්ත බලධාරීහු අනතුරු අඟවති. වාතය දූෂණය වී, එය විෂ වන්නේ, වායු දූෂක සංඝටක පී.එම්. 2.5 ක අගයක් ඇති විටය. 04 November 2022
සංචාරයට හොඳම රට ලංකාව මාධ්‍ය මගින් පෙන්වන තරම් අයහපත් වාතාවරණයක් ශ්‍රී ලංකාවේ නොමැති බැවින් ලෝකයේ පවතින තත්වය අනුව සංචාරය කලයුතු පළමු රට ශ්‍රී ලංකාව බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී දැනුම් දී ඇත. 04 November 2022
ටයිල්වලට එරෙහි ගැසට්ටුවට මුදල් කමිටුව පස්ස ගහයි ටයිල් සහ නානකාමර උපාංග ආනයනය තාවකාලිකව අත්හිටුවීමට අදාල ගැසට් නිවේදනයට අනුමැතිය ලබාදීමට පෙර ඒ ගැන තවදුරටත් විශ්ලේෂණයක් කිරීමට රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත. 04 November 2022
ලිට්රෝ ගෑස් මිල ඉරිදා සංශෝධනය වෙයි ලිට්රෝ ගෑස් මිල සංශෝධනය ලබන ඉරිදා (6) පෙරවරුවේ ප්‍රකාශ කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා (4) පැවසීය. 04 November 2022
ගුරු බැතියෙන් අමර සමර... කොළඹ පෞද්ගලික මල් ශාලාවක පුරා වසර 6ක් තිස්සේ තැන්පත් කර තිබූ, හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය, පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන්ගේ භෂ්මාවශේෂ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ ඉදිකළ සුසාන ඝරයක තැන්පත් කිරීම අමරදේව පදනම මගින් සිදුකෙරිණි. 04 November 2022
සංචාරක වීසාවලින් රට රැකියාවලට යෑම තහනම් ඕමානයේ සහ එක්සත් අරාබි එමිර් රාජයයේ පුහුණු සහ නුපුහුණු රැකියා සඳහා සංචාරක වීසා මත පිටත්ව යෑම විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ නියෝගයක් අනුව තහනම් කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 04 November 2022
වඳුරු උණ රෝගියෙක් මෙරටින් හමු වෙයි ශ්‍රී ලංකාවේ ප්‍රථම වඳුරු උණ රෝගියා ඊයේ(03) හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. 04 November 2022
ගජමුතු විකුණන්න ගිහින් අමාරුවේ වැටේ මිල අධික ගජමුතු පහක් 5 ක් අලෙවි කිරීමට තැත් කළ සැකකරුවකු අම්පාර හිගුරාණ පාරේ හෝටලයක් අසල දී විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. 04 November 2022
තැනින් තැනට තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 November 2022
නවක වද සිද්ධියකට ජ්‍යෙෂ්ඨයෝ කනිෂ්ඨයන්ට ගහලා කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් පිරිසක් කළ පහරදීමක් හේතුවෙන් එම සරසවියේ සමාජ විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් පස් දෙනකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත්ව ඇතැයි හෝමාගම මූලික රෝහල් ආරංචි මාර්ග පවසයි. 03 November 2022
කුඩු කිලෝ 25 ක් සමග තුනක් මාට්ටු අම්බලන්තොට කොග්ගල්ල ප්රදේහයේ නිවස තිබී හෙරොයින් කිලෝ 25 ක් සමග සැකකරුවෙක් හා සැකකාරියක් අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ 03 November 2022
කොග්ගල්ල නිවෙසකින් කුඩු කිලෝ 25 ක් අල්ලයි අම්බලන්තොට කොග්ගල්ල ප්‍රෙද්ශයේ නිවසක වී ගෝනි අස්සේ තිබී හෙරොයින් කිලෝ 25 ක් සමග සැකකරුවෙකු හා සැකකාරියකු අද (3) අත්අඩංගුවට ගත්බව අම්බලන්තොට පොලිසිය කියයි. 03 November 2022
ග්‍රාමීය බැංකුවේ සේප්පුව උස්සලා අවිස්සාවේල්ල මාරඹේ සමුපකාර ග්‍රාමීය බැංකුවට ඇතුළු වූ පුද්ගලයන් තිදෙනකු රුපියල් ලක්ෂ පහකට අධික මුදල් සහ රන් ආභරණ අඩංගු සේප්පුවක් රැගෙන ගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි. 03 November 2022
තිළිණිට සම්බන්ධ නිළියෝ දෙදෙනෙක් මාරු රුපියල් කෝටි 130 ට ආසන්න වටිනා මුදලක් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින තිළිණි ප්‍රියමාලිට සම්බන්ධ බව කියන ප්‍රවීන චිත්‍රපට නිළියක් සහ රංගන ශිල්පිණියක මඟහරිමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 03 November 2022
හිටපු කපිතාන් සහ කළමනාකරු ඉන්ධන හලේ දුරකතනය උස්සලා පිලියන්දල සමුපකාර ඉන්දන පිරවුම් හලේ කිව් ආර් කේතය පරික්ෂා කිරීම සඳහා යොදා ගන්නා ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන දෙකක් සොරාගත් බව කියන යුද හමුදාවේ හිටපු කපිතාන්වරයෙකු සහ මූල්‍ය සමාගමක කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. 03 November 2022
පාකිස්තානයට ලකුණු 33 ක ජයක් පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර අද (3 වැනිදා) සිඩ්නි නුවරදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 33 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය. 03 November 2022
ඉම්රාන් ඛාන්ට වෙඩි පාකිස්තානයේ ගුජ්රන්වාලා හි පැවැති රැලියකට සහභාගිවෙමින් සිටියදී සිදුවූ වෙඩිතැබීමකින් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පාදයකට වෙඩි වැදී ඇතැයි තාරික් ඊ.ඉන්සාෆ් පක්ෂය අල්ජසීරා පුවත් සේවයට තහවුරු කර තිබේ. 03 November 2022
අධිකරණ ඇමැති-ශ්‍රී ලංකාවේ ඇමරිකානු තනාපතිනී හමුවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්යව්ස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තනාපතිනී ජුලී චන්ග්ම හත්මිය අතර හමුවක් අද ( 03) අධිකරණ අමාත්‍යාංශයේ දි පැවැත්විණි. 03 November 2022
මර්දනයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා විරුද්ධ පක්ෂයේ සියලු කණ්ඩායම් එකට එක් වී ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරද්දී ආණ්ඩුවේ දේශපාලන පක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණ පමණක් එයට සහයෝගය නොදුන් බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී පැවසීය. 03 November 2022
අටමස්ථානාධිපති ලෙස හේමරතන හිමි පත් කැරෙති අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ලෙස නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන් පත්කිරීමට අටමස්ථාන කාරක සභාව තීරණය කළේය. 03 November 2022
පොදුවාහනය නගාසිටුවීමට ඉන්දියාව අත දෙයි ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය සහ සෙසු ප්‍රවාහන පද්ධතිවල යටිතල පහසුකම් කඩිනමින් වැඩිදියුණු කිරීම සඳහා ඉන්දීය රජය සහයෝගය දැක්වීමට පොරොන්දු වූ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 03 November 2022
ඩයනාගේ පෙත්සමට දින දෙයි තමන් සමගි ජන බලවේගයෙන් නෙරපා හැරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ගොනුකර ඇති පෙත්සම ලබන වසරේ මාර්තු දෙවැනි දින සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. 03 November 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026