IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අර්බුදයෙන් ගොඩ එන්න යුරෝපා සංගමයේ සහාය

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් සාර්ථකව ගොඩ ඒමට යුරෝපා සංගමයේ සහාය හිමිවන බව ඉකුත් 28 වැනිදා පැවති නීතියේ ආධිපත්‍ය සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ හය වන රැස්වීමේදී යුරෝපා සංගමය නැවත වරක් අවධාරණය කළේය.

එසේම ආර්ථික අර්බුදයෙන් එල්ල වී ඇති බලපෑම අවම කරමින් තිරසාර වර්ධනය සහ සමෘද්ධිය කරා ශ්‍රී ලංකාව රැගෙන යමාට අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදීත් සමාජ ආරක්ෂණ පියවර ක්‍රියාත්මක කිරීමේදීත් සහාය හිමිවන බව යුරෝපා සංගමය අවධාරණය කර ඇත.

මෙම රැස්වීමේදී ශ්‍රී ලංකාවේ මෑත කාලීන වර්ධනයන් සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳවද සාකච්ඡා කර තිබේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා නැවත ස්ථාපිත කිරීමෙන් දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම,ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීම සහ ප්‍රධාන ආයතනවල ස්වාධීන අධීක්‍ෂණය ඇති කිරීම අරමුණු කර ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය පිළිබඳව ද ශ්‍රී ලංකාව මෙහිදි යුරෝපා සංගමය දැනුවත් කරනු ලැබීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම පිළිබඳව යුරෝපා සංගමය කනස්සල්ල පළ කර ඇති අතර එහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කර ඇත්තේ අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් බව ශ්‍රී ලංකාව සහතික වී තිබේ. සමලිංගික සබඳතා සාපරාධී ක්‍රියාවක් නොකරන ලෙසද යුරෝපා සංගමය මෙහිදී ඉල්ලීමක් කර ඇත.

මෙහිදී ජී.එස්.පී ප්ලස් සහනයේ අධීක්ෂණ ක්‍රියාවලිය සහ එහි අවශ්‍යතා පිළිබඳව ක්‍රියාකාරී කණ්ඩායම යාවත්කාලීන කර ඇති අතර ජී.එස්.පී ප්ලස් සහනය පිළිබඳ  ලබා ඇති ප්‍රගතිය පිළිබඳ යුරෝපා සංගමය ශ්‍රී ලංකාව දිරිමත් කර තිබේ. 

 



අදහස් (2)

අර්බුදයෙන් ගොඩ එන්න යුරෝපා සංගමයේ සහාය

sharm warn Thursday, 03 November 2022 11:44 AM

" ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා නැවත ස්ථාපිත කිරීමෙන් දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම. . " මෙන්න මේක නොකරන එකට තමයි ඊයෙත් මිනිස්සු පාට බැස්සේ. නොදන්න අයගේ සහ අමතක වීමේ රෝගයෙන් පෙළන අයගේ පහසුව පිණිසයි මතක් කළේ.

:       0       2

sena Thursday, 03 November 2022 02:25 PM

මෙයාලා කියලා තියෙන්නේ අහවල් වැඩේ කරපන් ඊට පස්සේ සහයෝගය දෙන්නම් කියලා. නැතුව පැනලා දෙන්නම් කියලා නෙවෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site