(නිමල කොඩිතුවක්කු)
ලොකු ලූණු මිළ ගණන් වෙනදාට වඩා සාපේක්ෂව ඉහළ ගාස් ඇතැයි පාරිභෝගික ජනතාව පවසති.
ඒ අනුව සාමාන්‍ය වෙළඳපොලේ ලොකු ලූණු කිලෝවක් රුපියල් 280 ත් 300 ත් අතර මිළකට අළෙවි වන බවත් ඔව්හු සඳහන් කරති. පෑලියගොඩ මැනිං වෙ`ළඳපොලේ ලොකු ලූණු කිලොවක් රුපියල් 250ක් ලෙස අළෙවි විය.
මේ අතර පෑලියගොඩ මැනිං වෙ`ළඳපොලෙ දේශීය අර්තාපල් කිලෝවක රුපියල් 330 කටත් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 480 කටත් අළෙවි විය.
මේ අතර වෙනදාට සාපේක්ෂව එළවලු මිළ ගණන්ද ඉහළ ගොස් ඇති බවත් පාරිභෝගිකයෝ පවසති.
මෙයට අමතරව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක් රුපියල් 420ක්, බොංචි කිලෝවක් රුපියල් 520 ක්, ගෝවා කිලෝවක් රුපියල් 360ක්, වම්බටු කිලෝවක් රුපියල් 400ක්, වට්ටක්කා කිලෝවක් රුපියල් 280 ක්, අමු මිරිස් කිලෝවක් රුපියල් 400ක්, දෙහි කිලෝවක් රුපියල් 800 ක් තක්කාලි කිලෝවක් රුපියල් 440 ක්, ලෙස අළෙවි වූ බව පාරිභෝගිකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd