
(අංජුල මහික වීරරත්න)
මහ කන්නයේ වී වගාවේ බිම් සකස් කිරීම හා අස්වනු නෙලීමෙි කටයුතු සඳහා ඩීසල් ලීටර් මිලියන 72ක් අවශ්‍ය බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.
එය ඉන්ධන බවුසර් 10,909ක් බවද බිම් සැකසීමට ඉන්ධන ලීටර් මිලියන 40ක් සහ අස්වනු නෙලීමට ඉන්ධන ලීටර් මිලියන 32 බැගින් ඇස්තමේන්තු කර ඇතැයි අමාත්‍යාංශ ලේකම්වරයා කීය.
කෘෂිකර්ම අමාත්‍යවරයා සහ නිලධාරීන් අතර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී කෘෂිකර්ම ලේකම්වරයා මෙි බව පැවසීය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ ගොවිතැනට අවශ්‍ය ඉන්ධන ලබා දීමේ කටයුතු අධීක්ෂණය සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවරා ඇති බවයි. කිසියම් ප්‍රදේශයක වගාවට අවශ්‍ය ඉන්ධන ගැටළුවක් පැන නැගුනහොත් වහාම අදාල දිස්ත්‍රික් ලේකම්වරයා හමුවී ගැටළුව විසඳා ගැනීමට හැකියාව ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාව මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය ද මෙම කටයුතු සම්බන්ධීකරණය සඳහා වෙනම නිලධාරියෙක් බැගින් පත් කර තිබෙන බවත් අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ කන්නයට ඩීසල් බවුසර්10,909ක් ඕනෑ
Bamunuarachchi Thursday, 03 November 2022 05:07 PM
ඒ මුදලට ඉන්දියාවෙන් හාල් ගෙනාවොත් රටට ලාබයි වගේ.
de silva Thursday, 03 November 2022 10:39 PM
කුඹුර හාන්න ඩීසල් අවශ්‍ය නැහැ. ඇමතිගේ පුතා හරි කමැතියි මඩේ බැහැලා හාන්න. මඩ නාන්න අවශය වෙන්නේ නගුලක් පමණි. ඇමති පුතා සමග කුරුණෑගල බිත්තර මාමාගේ පුතාලා ටික නගුලේ බඳිමු. රටේ වනෝද්‍යාන ටිකත් ඉතුරු වෙනවා.