(මනෝප්‍රිය ගුණසේකර)
පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ට හිටපු ජනාධිපති, හිටපු අගමැති ඇතුළු නිලධාරීන්ගෙන් වන්දි අයකරදෙන්නැයි ඉල්ලමින් පවරා ඇති නඩු 128 දෙසැම්බර් 15 වන දින විමසීමට ගැනීමට කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය තීරණය කළාය.
කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වැළැක්වීමට කටයුතු නොකිරීම හේතූවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි ඇතුළු දේවස්ථාන වල පාස්කු දිව්‍ය පුජාවන්ට සහභාගි වු තම ඥාතීන් මියයෑමට හා බරපතල තුවාල ලැබීමට සිදුවු හෙයින් මෙම අපරාධයන්ට වගකිවයුතු වගඋත්තරකරුවන්ගෙන් රුපියල් කෝටි 200ක පමණ වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් පෙත්සම්කරුවෝ මෙම වන්දි නඩු ඉදිරිපත් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල බෞද්දයින්ගෙ මුදල්වලින් වන්දිගේවන්න ලැහැස්තිවෙන්න එපා. අන්‍ය ආගමිකයින් ජිහාඩ් කරන්න කියන පොත කියවන ආගමිකයින්ගෙන් වන්දි ඉල්ලන්න.