(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියා පටිපාටි පිළිබඳ කෙටි පාඨමාලාවක්  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් වෙනුවෙන්  පසුගියදා පවත්වනු ලැබීය

එහිදී  අදහස් දැක්වූ යාපනය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එස්. ශ්‍රීසත්ගුණරාජා මහතා මෙවැනි පාඨමාලාවක් සංවිධානය කිරීම පිළිබඳ පාර්ලිමේන්තුවට  සිය ස්තූතිය පිරිනැමූවේය.

පාඨමාලාව හැදෑරීමේ වැදගත්කම සහ අවශ්‍යතාවය පිළිබඳ කෙටි දේශනයක් ඉන් අනතුරුව  විද්‍යාර්ථීන්ට  ඉදිරිපත් කරනු ලැබීය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන්  ව්‍යවස්ථාදායකසේවා අධ්‍යක්ෂ සහ වැඩබලන සන්නිවේදන අධ්‍යක්ෂ එච්.ඊ.ජනකාන්ත සිල්වා, පරිපාලන අධ්‍යක්ෂ ජී. තච්චනරාණි, මාධ්‍ය කළමණාකාරිනි නිම්මී හාතියල්දෙනිය යන මහත්ම මහත්මීහුද  සහභාගී වූහ.