IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාර්ලිමේන්තුවේ වැඩ ප්‍රමාදයි

(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් (Far Reaching Systematic Changes) ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකිවී ඇති බව පෙන්වාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා   කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇත.

ජනාධිපතිවරයා අද (03) සිදුකර ඇති මෙම ලිඛිත දැනුම් දීමෙන් පෙන්වා දී තිබෙන්නේ අදාළ යෝජනා අතුරින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇත්තේ ජාතික සභාව පිහිටුවීම පමණක් බවයි.

මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා අතර වන බැංකු කටයුතු සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව (Committee on Banking and Financial Services) ආර්ථිකය ස්ථායිකරණය පිළිබද කාරක සභාව (Committee on Economic  Stabilization) සහ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව (Committee on Ways and Means) යනුවෙන් වූ  රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභා පත්කිරීමට යෝජනා වුවත් එය මෙතෙක් සිදුව නැති බව ජනාධිපතිවරයා විසින් කථානායකවරයාට පෙන්වා දී තිබේ.

එසේම ආංශික කාරක සභා සඳහා තරුණ නියෝජිතයින් පස් දෙනෙකු පත් කිරීමට හා පාර්ලිමේන්තු අය වැය කාර්යාලය පිහිටුවීමට ඉදිරිපත් කළ යෝජනා ද ක්‍රියාත්මකව නැති බව ජනාධිපතිවරයා දන්වා තිබෙි.

පාර්ලිමේන්තු ආංශික කාරක සභා 17ක් පිහිටුවිය යුතු වුවත්, මෙතෙක් ඒ සඳහා සභාපතිවරු පත් කර නොමැති අතර ආංශික කාරක සභා සඳහා පත් කළ යුතු තරුණ නියෝජිතයන් තෝරා ගනු ලබන ආකාරය හා ඔවුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් නිර්ණායක සකස් කිරීම සිදුව නැති බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ලබන වසරේ අය වැය ක්‍රියාත්මක වන විට මෙම යෝජනා ක්‍රියාත්මක කළ හැකි අතර එමඟින් රජය අපේක්ෂා කරන පද්ධතිමය වෙනස (System Change) ඉතා ඉක්මණින් ළඟා කර ගැනීමට හැකි වනු ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය පළ කරයි.

පාර්ලිමේන්තු අය වැය කාර්යාලය සඳහා වූ නීති කෙටුම්පත ද මේ වන විට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර ඒ පිළිබඳව පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර නීතිපති සහතික කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරන බව එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇති ජනාධිපතිවරයා මේ කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද කථානායකවරයාට දැනුම් දී ඇත. 



අදහස් (8)

පාර්ලිමේන්තුවේ වැඩ ප්‍රමාදයි

යෝගා Thursday, 03 November 2022 01:15 PM

කතාකරගන්නවත් බැරි තරම් වයසක කතානායක කෙනෙකුට වැඩ කරන්නලූ. පිස්සුනේ !

:       3       14

senaThursday, 03 November 2022 01:53 PM

මෙයාලා ඔක්කොම වැඩ බැරි ටාසන්ලා තමයි. ගෙදරට වෙලා පිනක් දහමක් කරගන්න ඕන වයසේ ඉඳගෙන මතෙන සිටම් චේන් ගැන කතා කරනවා.

:       4       9

Perera Thursday, 03 November 2022 01:33 PM

ඕව ගැන වද වෙන්නේ ඒ අයට වෙලා තියෙනවද? අර ලැබුණ වන්දි මුදල් වලින් තව ගෙවල් දොරවල් හදාගන්න තියෙනවනේ.

:       0       10

වැඩ පරක්කු Thursday, 03 November 2022 02:16 PM

රටේ ප්‍රශ්න කෙලවරක් නැතුව තියෙනවා පාර්ලිමේන්තුව මාසෙකට දින තුනක් හතරක් පමණයි රැස්වෙන්නෙ.ඉතින් කෑම බීමත් දීලා වාහන ඉන්ධන දුරකථන නිළනිවාස පැමිණීමට දීමනා ආදී මෙකී නොකී සම්පත් ලබාදීලා තියෙද්දි රටේ කිසිම ප්‍රශ්නයක් වීසදන්නෙ නැහැ කිසිම සාකච්ඡාවක් නැහැ ආවොත් කියන්නෙ වලපල් ඇනුම්පද කීම වගේ කිසිම තේරුමක් නැති කතා පමණයි කියලා තමයි හිතන්නේ.

:       0       14

sharm warn Thursday, 03 November 2022 02:21 PM

පාර්ලිමේන්තුවෙ හිටපු සහ තියෙන පාණ්ඩු ආණ්ඩුයි මොනවද වෙලාවට කලේ මෙච්චර කල්? කොමිස් ගහලා මඩිතර කර ගන්න එකයි මහජන මුදල් මංකොල්ලා කන එකයි අරුණමා වෙන එක දෙයක් වත් හරියට කළාද? කළා නම් මේ රටට අද මෙහෙම කාලයක් යයිද? මෙය අවුරුදු 40 ක් ලැගගෙල ඉදලා කරපු ඇති අටමගලයක් නැහැ කියලවත් දන්නේ නෑ. අනුන්ව හදන්න කලින් තමන් නිවැරදි වෙන්න ඕනි.

:       7       5

ravin Thursday, 03 November 2022 02:21 PM

දැන් පෙන්වනවා නේද රාජ්‍ය සේවය අකාර්යක්ශම භාවය. සෑම රාජ්‍ය ආයතනයක්ම සින්දුව ඕකයි. අකාර්යක්ෂම හෙංචයියලා ටික ඉන්නකම් රට ඉදිරියට යෑම බොරු.

:       0       15

de silva Thursday, 03 November 2022 10:41 PM

එතනෝල් කාරයෝ, මාල හොරු, මිනීමරුවෝ සමග මොන සිස්ටම් චේන්ජ්ද?

:       0       1

de silva Friday, 04 November 2022 01:28 AM

පාර්ලිමේන්තුව පමණක් නොවේ. අද පාස්පෝට් එක ගන්න එපොයින්මන්ට් දැමනන් මාස 2 පමණ ගතවෙනවා. හැඳුනුම්පත් රියැදුරු බලපත්‍ර ගන්නත් ඒ වගේ, රජයේ කාර්යාල ගැන කතා කරලා වැඩක් නැහැ. ඉස්සර ගොටා ඉදලා හිටලා ඔය කාර්යාලයකට කඩා පැනලා කාර්යාල කාර්ය සහයකට හරි පිළිගැනීමේ නිලධාරියට හරි පොඩි තර්ජනයක් දාලා ආවා. ධම්මික දමලා සතියක් විතර පාස්පෝට් කන්තෝරුවෙ වැඩි වැදගත් කළා. ධම්මික ගිය ගමන් නැවත පරණ තැනට පාස්පෝට් කන්තෝරුව වැටුණා. ඔබ කරපු කෙහෙල්මලක් නැහැ. ඔබට බැරි නම් චොකා මල්ල හෝ එහෙම නැත්නම් පුත්තලම් බූරුවා හෝ ඔය රජයේ කාර්යාල පැත්තේ යවන්න. පොඩි සද්දයක් දමලා බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site