
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදෙස්ගත ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ප්‍රේෂණවල වටිනාකම මත පදනම්ව විද්‍යුත් මෝටර් වාහන ආනයන කිරීම සඳහා අවසර ලබාදීමේ විධිවිධාන ඇතුළත් ගැසට් පත්‍රයට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
අති විශේෂ ගැසට් පත්‍රයේ( 2298/55 දරන)සදහන් ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි පිළිබඳවද මෙහිදී සලකා බැලිණ.
මේ අතර රජයේ මුදල් පිළිබඳ කාරක සභාව 2297/79 දරන අති විශේෂ ගැසට්පත්‍රයේ සදහන් ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි පිලිබඳවද මෙහිදී සලකා බැලුවේය. මෙම රෙගුලාසි මගින් කෙරෙන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විවෘත ගිණුම් ක්‍රමය යටතේ ආනයනය කිරීම සඳහා වූ කාලය දීර්ඝ කිරීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත පහක් එවන්නේ නැහැ මේ වගේ වැඩක් නැති ආනයන බලපත්‍රයකට. සුඛෝපභෝගී බද්ද ලක්ෂ 60ට වැඩි වටිනාකම ගෙවන්න වෙන නිසා මේකෙන් ඇති වටිනාකමක් නෑ. තනිකරම රට රැකියා කරන්නන් මුලාකිරීමක් පමණයි.
ඒ කියන්නේ තවත් ජාවාරමකට මුල පුරන්නයි යන්නේ.
අපට වාහන වැනි ලොකු දේවල් අවශ්‍ය නැහැ. ඕවා ගන්න සල්ල අපට නැහැ. අපි එවන බඩු පෙට්ටිය කරදරයක් නැතුව ක්ලියර් කරගන්න සඳුදා සිටි සෙනසුරාදා ඇතුළු සතියකට දින 6 ක් දවසකට පැය 8 ක් විවෘත කරලා තිබෙන කාගෝ ක්ලියරන්ස් එකක් හදලා දෙන්න. අපිට ගෙදරට පොළට අල්ලගන්න ටයිල් ටික, නානා කාමාර කට්ටල ටික, පිට රටින් ගෙන්වන්න අවසර දෙන්න. අපිට ගුවන්තොටුපොළේ සිට ගෙදරට යන්න නොමිලේ ආරක්ෂාකාරී ප්‍රවාහන සේවයක් විදේශ සේවා එකෙන් කරලා දෙන්න. කෙටියෙන් කියනවා නම් අපට ටැක්සි බිල ගෙවන්න. මනූෂ මොකද කියන්නේ ? මේ ඉල්ලීම් වලින් එකක් හෝ මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ඉටු කරල්ල ඔබට පුළුවන්ද?