IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රට රැකියා කරන්නන්ට විද්‍යුත් වාහන ගෙන්වීමේ අවස්ථාව

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විදෙස්ගත ශ්‍රමිකයන්ට  ඔවුන්ගේ ප්‍රේෂණවල වටිනාකම මත පදනම්ව විද්‍යුත් මෝටර් වාහන ආනයන කිරීම සඳහා අවසර ලබාදීමේ විධිවිධාන ඇතුළත් ගැසට් පත්‍රයට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

අති විශේෂ ගැසට් පත්‍රයේ( 2298/55 දරන)සදහන් ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි පිළිබඳවද  මෙහිදී සලකා බැලිණ.

මේ අතර රජයේ මුදල් පිළිබඳ කාරක සභාව 2297/79 දරන අති විශේෂ ගැසට්පත්‍රයේ සදහන් ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි පිලිබඳවද මෙහිදී සලකා බැලුවේය. මෙම රෙගුලාසි මගින්  කෙරෙන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විවෘත ගිණුම් ක්‍රමය යටතේ ආනයනය කිරීම සඳහා වූ කාලය දීර්ඝ කිරීමයි.



අදහස් (4)

රට රැකියා කරන්නන්ට විද්‍යුත් වාහන ගෙන්වීමේ අවස්ථාව

Aruna Thursday, 03 November 2022 05:04 PM

සත පහක් එවන්නේ නැහැ මේ වගේ වැඩක් නැති ආනයන බලපත්‍රයකට. සුඛෝපභෝගී බද්ද ලක්ෂ 60ට වැඩි වටිනාකම ගෙවන්න වෙන නිසා මේකෙන් ඇති වටිනාකමක් නෑ. තනිකරම රට රැකියා කරන්නන් මුලාකිරීමක් පමණයි.

:       4       16

PereraFriday, 04 November 2022 06:01 AM

හරියට හරි විදෙස් ශ්‍රමිකයන් ගොනාට අන්දවන තව මගඩියක් මේ.

:       0       2

pakeer Thursday, 03 November 2022 09:39 PM

ඒ කියන්නේ තවත් ජාවාරමකට මුල පුරන්නයි යන්නේ.

:       3       6

de silva berlin Thursday, 03 November 2022 10:27 PM

අපට වාහන වැනි ලොකු දේවල් අවශ්‍ය නැහැ. ඕවා ගන්න සල්ල අපට නැහැ. අපි එවන බඩු පෙට්ටිය කරදරයක් නැතුව ක්ලියර් කරගන්න සඳුදා සිටි සෙනසුරාදා ඇතුළු සතියකට දින 6 ක් දවසකට පැය 8 ක් විවෘත කරලා තිබෙන කාගෝ ක්ලියරන්ස් එකක් හදලා දෙන්න. අපිට ගෙදරට පොළට අල්ලගන්න ටයිල් ටික, නානා කාමාර කට්ටල ටික, පිට රටින් ගෙන්වන්න අවසර දෙන්න. අපිට ගුවන්තොටුපොළේ සිට ගෙදරට යන්න නොමිලේ ආරක්ෂාකාරී ප්‍රවාහන සේවයක් විදේශ සේවා එකෙන් කරලා දෙන්න. කෙටියෙන් කියනවා නම් අපට ටැක්සි බිල ගෙවන්න. මනූෂ මොකද කියන්නේ ? මේ ඉල්ලීම් වලින් එකක් හෝ මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ඉටු කරල්ල ඔබට පුළුවන්ද?

:       2       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site