(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
පර්ල් එක්සප්‍රස් නෞකාව ශ්‍රී ලංකා වෙරළ තීරයේ ගිනිබත් වීම හේතුවෙන් ධීවර ප්‍රජාවට සිදුවූ හානියට වන්දි ලබා දීම පිළිබඳ ඊට අදාළ සියලු පාර්ශ්වයන් සහභාගී කරවාගෙන නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සති 2 ක් තුළ රැස්වීමක් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ශ්වකරුවන්ට නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ පර්ල් එක්ස්ප්‍රස් නෞකාව ශ්‍රී ලංකා වෙරළ තිරයේ ගිනිබත් වීම හේතුවෙන් ධීවර ප්‍රජාවට සිදුවූ හානියට වන්දි ලබා දෙන ලෙස ඉල්ලා පරිසර විද්‍යාඥ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදීය.
මෙම පෙත්සම විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරේරජා මහතා ඉවත් විය.
මෙම පෙත්සම එස්.තුරේරජා, මහින්ද සමයවර්ධන සහ අචල වෙන්ගප්පුලි මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනින.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ක්‍රිස්මාල් වර්ණසූරිය මහතා පෙනී සිටියේය.නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින්පුල්ලේ මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එක්සප්‍රස් පර්ල් වන්දි දෙන්න රැස්වීමක් පවත්වන්න