(ඩයනා උදයංගනී)
ඉදිරි මැතිවරණයකදී වත්මන් රජය නියෝජනය කරන කණ්ඩායමට සියයට 20කවත් ජනතා සහයෝගයක් නොලැබෙන බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
ඔවුන් එය දන්නා නිසා කුමන හෝ උප්පරවැට්ටියකින් පළාත් පාලන මැතිවරණය මැතිවරණ කල්දැමීමට උත්හාහ කරමින් සිටින බව ද මන්ත්‍රීවරයා කීවේය.
රටේ විවිධ කණ්ඩායම් විවිධ මත දරණ බව කී ජී.එල් පීරිස් මහතා කොළඹ දී ඊයේ (2) පැවති විරෝධතාව අතරතුර ඇති වූ සිද්ධිය විපක්‍ෂනායකවරයා ප්‍රතික්‍ෂේපවීමක් ලෙස තමන් නොදකින බව ද සඳහන් කළේය.
මන්ත්‍රී, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ වර්ෂය අවසානයට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය ආධාර ලැබෙනු ඇතැයි රජය අපේක්‍ෂා කළත්, එහිදී රජයේ සුජාතභාවය තමන්ට වැදගත් බවත්, තමන් ගනුදෙනු කිරීමට සූදානම් ජන වරමක් ඇති රජයක් සමඟ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආණ්ඩුට ඉදිරි මැතිවරණයකදී සියයට 20ක්වත් ඡන්ද නෑ
sharm warn Thursday, 03 November 2022 03:30 PM
ආණ්ඩුව කියලා ඔයා අදහස් කරන්නේ පොහොට්ටුව නම්, ඔව් ඇත්. පොහොට්ටුවට කෙළ වෙලා ඉවරයි. මහින්ද මැරුණ දාට ඒ 20 වත් නැතිවෙයි. හැබැයි ඔයාටත් එච්චරම තමයි. තමන්ගේ උගත් කමයි පරිණත කමයි රැක ගෙන ඉන්නේ නැතුව ගියා අර කිසිම උගත් කමක් හැදියාවක් නැති මන්කොල්ලාකාර පවුල රකින්න.
Sunil Thursday, 03 November 2022 04:17 PM
20% තියා 10% ක් වත් ලැබෙන්නේ නැහැ...!
de silva Thursday, 03 November 2022 04:35 PM
පිස්සුද .10% ක් වත් නෑ .දැන් රජයේ රැකියා මාර්කට් කරන්නත් බහ.ඔයගොල්ලොත් අලුත් ලේබල් එකක් ගහගත්තට ඔයගොල්ලොගේ පැටිකිරිය ජනතාව දන්නවා.දැන් කල හැකි හොඳම දෙය කල වැරදි පිළිගෙන ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව අරන් මන්ත්රීකමින් සහ දේශපාලනයෙන් ඉවත් වෙලා පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා ඉන්න එක
DDD Thursday, 03 November 2022 04:40 PM
ඔව් අපි බලාගෙන ඉන්නේ ඔබව ජනපති කරන්න .පොඩ්ඩක් ඉවසලා බලාගෙන ඉන්න
විපරමා Thursday, 03 November 2022 05:02 PM
එහෙට මෙහෙට පැන පැන ඔබතුමා දාපු සෙල්ලම් ගැනත් අපි දන්නවා. අවස්ථාවාදී කපටි කෛරාටික ආත්මාර්තකාමි දේසපාලුවෝ ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.
sanjeewa Thursday, 03 November 2022 07:01 PM
පොහොට්ටුවට කාපුටා කොටලා ලබන පාර ඉල්ලන්නේ කෙහෙල්මල ලකුණින්.
sanjeewa Thursday, 03 November 2022 07:02 PM
20% නොවේ කපුටගෙ නම මිස්ටර් 10%
ranjith Thursday, 03 November 2022 08:21 PM
රට බංකොළොත් කරපු උන්ට 20% ඡන්දෙ දෙන්න තරම් හරක් මේ රටේ නැහැ. ඉතිහාස ගතවෙන පරාජයකට පොහොට්ටුව සැරසෙන්නේ.
චමින්ද Thursday, 03 November 2022 08:40 PM
තමුන්නැහැ යහපාලනය විනාශ වෙන්න උගුල් අටවා කැළනියේ නයා පිටවලා ජනතාව නොමග යවල ලක්ෂ හැටනවයක් ජනතා කැමැත්ත ඇතුව ආණ්ඩුව පිහිටුවා ගත්තා (පොහොට්ටුව පිපුණා) ලකුණ පොහොට්ටුව .ඉතින් පිපුණ මලක් තියෙන්නෙ දවස් දෙකතුනක් පමණයි ඉන් පස්සෙ කුණුවෙනවා එහෙම ලකුණකින් පත්වෙන ආණ්ඩුවක් වුනත් තියෙන්නෙ කෙටිම කාලයක් පමණයි තමා දැන් ඔහොම කිව්වට පක්ෂයේ සභාපති ලෙසට මේකට සම්පූර්ණයෙන්ම වගකවයුත්තේ තමාමයි. පොහොට්ටුව පරවෙලා යනවා වගේ අවුරුදු 75 ක් පසුවුනාම කාට කාටත් එහෙම වෙනවා ඒක තමුන්නැහැටත් මහරජා කියන කෙනාටත් පොදුයි දැන් ඔහේටත් 75 පැනලනම් ආණ්ඩු කරනවා නොවෙයි එලොව යනවිට අවශ්‍ය ගමන් වියදම් සොයා ගැනීමට පිනක් දහමක් කරන්න බලන්න එසේ නොකර ජනතාව බේද කරන පක්ෂ අටවා ජනතාව අකමැති දෙයක් කලොත් ලැබෙන්නේ අවීචි මහා නරකාදියට යන්න ගමන් වියදම් පමණයි කොහොම වුනත් මතක් කරන්න කැමතියි අපායට යන්න ඕනෑ නම් උඹට කරපං ඇමති තනතුර එක දවසකට කියලා.
purawasi Thursday, 03 November 2022 10:34 PM
චමින්ද සහ සජීව යන මහත්වරු විසින් අවශ්‍ය සියලු දේවල් ලියා ඇත. 75 පැනලත් බඩ ගගා හරි බලන්නේ කූඩැල්ලෙක් වගේ රටේ ඉතිරු ලේ ටිකත් උරා බොන්න. මේ නහින දෙහින කාලේ පිනක් දහමක් කරගෙන ඉන්නෙ නැතුව උත්සාහ කරන්නේ කොල්ලන්ගෙන් ගුටි කන්න.