(අංජුල මහික වීරරත්න)
මහජන විරෝධතාවයකදී ජනතාව විසින් රටෙි විපක්ෂ නායකවරයාට හූ කීම කිසිසේත් අනුමත කරන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂ නායක ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කිසිදු එක්සත් ජාතික පාක්ෂිකයකු මෙවැනි ක්‍රියාවක් අනුමත නොකරන බව කී එජාප මහලේකම්වරයා එක්සත් ජාතික පක්ෂය හොඳ මුල් අරටුවකින් පැවත එන පක්ෂයක් බැවින් කිසි විටෙක බාල වැඩවලට කැමති වන්නේ නැති බව සඳහන් කළේය.
කොළඹ දී පැවැති විරෝධතාව අතරතුර දී විපක්ෂ නායකවරයා හූ හඬ මැද්දේ පසුබා යන අයුරු දුටු විට තමාට ඇත්තටම දුක හිතුනු බවද එජාප මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා සඳහන් කළේය.
විපක්ෂ නායක යනු රටේ හතරවැනි පුරවැසියා බව අමතක නොකළ යුතු යැයි කී එජාප මහලේකම්වරයා එවැනි තනතුරක් මෙලෙස හෑල්ලුවට ලක්වීම ප්‍රජාතන්ත්‍රවාදයට ද මරු පහරක් බව සඳහන් කළේය.
ඉදිරි නායකයකුට විපක්ෂ නායක තනතුර ගෞරවාන්විතව දැරීම සඳහා ඉතිරි කොට තැබීම සජිත් ප්‍රේමදාස මහතාගේ වගකීමක් බවද එජාප මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුමත කරලා කොහොමද ?මේ ජානාධිපති ගෙදර ගියාම එල්ලෙන්න වෙන්නේ ඒ පැත්තේ නේ ?
දැන් ඉන්න 225 ම එපා කියලා මිනිස්සු කියන ඒක ප්‍රේමදාස මහත්තයට ඇහිලා නැද්ද කොහෙද.
මෙයද වක්‍ර අපහාසයකි
අන්තිමට කියලා තියෙන ඡේදයෙන් හිතේ තියෙන දේ හොඳින් තේරුම්ගත හැකියි. මුලින්ම තෙපර බබා ආවේ ඕක කියන්න තමයි.
එයාට කිවුවේ හූ .උඹලාට හම්බවෙන්නේ අසූචි
JVP වැඩ
ඔබ සියල්ලන්ම සැඟවී ඇත; ඔහු අරගලයේ සිටී. අපි ඔබට අභියෝග කරනවා එහි යන්න!
ඇත්ත විපක්ෂයට හූ කියා හරි යන් නැහැ ඉන්න ආන්ඩු පක්ෂයට හූ කියා විතරක් මදි.තව තමන්ගේ අසූචි අතට අරන් අසූචි ප්‍රහාරයක් දෙන්න ඕනේ.ඒ තමයි හොඳම දේ
මොලයක් තියෙන විපක්ෂ නායක කෙනෙක් නවකවදය පතුරුවන අන්තරේටයි පෙරෙට්ටන්ටයි මුක්කු ගහයිද? ඊලඟට කන්නේ පොන්සේකා.
විපක්ෂ නායක නෙවී පිනාධිපතිට වුනත් හූ කීමේ කිසිමා වරදක් නැහැ .උන් කරන වැඩ නිසා
අනුමත නොකරන කීදෙනෙකුට හූ කියනවද අපේ කට්ටිය. මෙයා කරන වැඩවලට හූ නොකියා ඉඳීද මිනිස්සු. වෙනකව්රුවත් සංවිධානය කරන අරගල වල මුලසුන ගන්න යනකොට. ඇයි මෙයාට බැරි ඔයවගේ එකක් සංවිධානය කරල හිතේ හැටියට අදහස් ප්‍රකාශ කරන්න.
ඔබලා කරන්නේ ජනතාව අනුමත කොරන දේවල් නොවෙයි නේද? එහෙමනම් ජනතාව කරන්නේත් ඔබලා අනුමත දේවල් නොවෙයි ඊට දැම්මම සුදානම් වෙන්න.
හූ කියලා බේරිලා ගිය එක ගැන සතුටු වෙන්න ඕනි .තව කාලෙකදී රෙදි ගලවලා .මිනිස්සු දේශපාලුවෝ පාරේ යවන්නේ .ජෝකර්ලට රට පාලනය කරන්න බෑ .මිනිස්සු දැන් මෝඩ නෑ
මිස්ටර් රංගේ.ඕක නිකන් හූවක් නෙමේ.තේරුම් ගන්නේ අවස්ථාවාදී දේශපාලකයන්ට ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරය .මිනිස්සුන්ව අන්දලා මගට ගිහින් හැරෙනවා .දැන් ඉන්න ජනතාව ඔය මජර දේශපාලන ගුණ්ඩු තේරුම් අරන් ඉන්නේ
ජනතාව දන්නවා ඔහෙලා සියලු දෙනාම හොඳ යාළුවෝ කියලා.ඒකයි ඔහෙලට හූ කියන්නේ.ඔහෙත් එලියට පහලියට බහින්නෙත් පරිස්සමෙන්.
හෝ කියලා එලවපු එකේ කිසිම වැරද්දක් නැහැ .මොකද ඔය එන්නේ රට බේරා ගන්න එයා?තනිකරම බල තන්හාව .රටේ ඉතුරු ටිකත් කාලා දාන්න තමයි ඔය බලයට එන්න හදන්නේ .අපි අවුරුදු 35 තිස්සේ කරපු වැරදි වලට අද වන්දි ගෙවනවා.ගුණගරුක පාලනයට සුදුසු පුද්ගලයන්ට පමණක් ඔබගේ චන්දය පාවිච්චි කරන්න
මේ ජෝකර් බලය ගන්න ඕනෑම කුණු ගොඩකට පනියි . කොහොමත් ඔය 225 ම එපා.
මහ ලේකම් තුමා, ලංකාවේ 4 වන පුරවැසියා ලෙස සැලකෙන්නේ අග්‍ර විනිශ්චයකාර තුමා නේද? ඊළඟට නේද කැබිනට් අමාත්‍යවරුන් හා විපක්ෂ නායක තනතුර තියෙන්නේ.
උඔ ප්‍රමුඛ උඹලගේ පක්ෂේ කට්ටියයි අනුර කුමාරිහාමිනේගේ කට්ටියයි තමයි. උඹලා දෙගොල්ලොයි මයිනලාගේ කට්ටියටයි ඕනි මේ උද්ඝෝෂණ කඩාකප්පල් කරන්ට කියලා ජනතාව දන්නව. නිකම් දැලි කිඹුලා වගේ කඳුළු සලන්නේ නැතුව උඹේ වැඩක් බලා ගනින්.