‘‘කැනඩා ආයෝජකයන් සමග කැනඩා රජයේ නියෝජනයක් නෑ ‘‘ කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාව සමග ශ්‍රී ලංකාවට පසුගියදා පැමිණි කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හන් ඩොන්ග් මහතා සහ රේචල් තෝමස් මහත්මිය කැනේඩියානු රජය නියෝජනය කරමින් නොපැමිණි බව කැනේඩියානු පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්ද සන්ගරී මහතා පවසා ඇත. 19 November 2022
ගුවන් යානා කුලියට අරන් කෝටියක පොලු තියලා රාජ්‍ය ආයතන දහයක් සහ පෞද්ගලික ආයතන දෙකක් ගුවන් යානා ලබාගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රුපියල් එක් කෝටි තිස් ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 19 November 2022
බැසිල් හෙට දිවයිනට පෞද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකාවට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ,ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හෙට (20)දිනයේ යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 19 November 2022
මන්ත්‍රීවරු ගමට යන්න සල්ලි ඉල්ලති එක් එක් දිස්ත්‍රික්කවල සංවර්ධන කටයුතු සඳහා මන්ත්‍රීවරුන්ට දෙන විමධ්‍යගත අරමුදල් කඩිනමින් ලබා දෙන්නැයි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර ඇත. 19 November 2022
වවුනියාවේ සංචාරයට ආ ජනපතිට විරෝධය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වවුනියාව සංචාරයට විරෝධය දක්වමින් හා යුද සමයේ අතුරුදහන්වූවන් සොයාගැනීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩලබාදෙන ලෙස ඉල්ලා වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අද(19) විරෝධතාවක නිරත වූහ. 19 November 2022
’’නීති විද්‍යාලයේ ගාස්තු තුන් ගුණයකින් වැඩි කරන්න යනවා’’ නීති විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ ගාස්තු රුපියල්15,000සිට 60,000 දක්වා වැඩි කිරීමට යන බව ආරංචි වන හෙයින් එය වහා නතර කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය. 19 November 2022
ජනාධිපති වවුනියාවේ සංචාරයක ජනාධිපති කාර්යාලයේ උතුරු පළාත් සංවර්ධන විශේෂ ඒකකයේ වවුනියාව දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) වවුනියාවේදී සිදුකෙරිණ. 19 November 2022
’’ආයෝජකයන් අද ලංකාව බලාගෙන බත් කන්නෙත්වත් නෑ’’ මෙරටට ආයෝජකයෙකු පැමිණියහොත් වැඩි කල් යන්නට පෙර ඔහු ලංකාව බලාගෙන බත් කන්නේවත් නැති බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 19 November 2022
දේශපාලකයො හොරා කන්නේ චක්‍රලේඛවලට උඩින් රාජ්‍ය නිලධාරියා චක්‍රලේඛවලට යටින් සොරකම් කරද්දී දේශපාලඥයා චක්‍රලේඛවලට උඩින් සොරකම් කිරීම නිසා පැය විසි හතරෙන් ඔවුන් බඩු සමග මාට්ටු වන බව නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 19 November 2022
ඩයනා - සජිත්ට අභියෝග කරයි බ්ලේඩ් තලවලින් මාර ගස් කැපීමට බලාපොරොත්තු නොවන ලෙස සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය. 19 November 2022
රාජිත ’’අයවැය හොඳයි’’ කියයි මෙම අයවැය යෝජනාවලියේ බොහෝ යෝජනා හොඳ බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 19 November 2022
ඡන්දය කල් දැමීමට ආණ්ඩුව උප්පරවැට්ටි දානවා ආණ්ඩුව ඡන්දය කල් දමා ගැනීම සඳහා විවිධ උප්පරවැට්ටි කරන බව මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 19 November 2022
’’කපුටා’’ කතාවට ප්‍රසන්නට කේන්ති යයි මන්ත්‍රීවරුන්ට කපුටා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම කැත පහත් වැඩක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 19 November 2022
’’කපුටා’’ ළඟදීම ආපහු එනවලු අයවැය දිනවීමට ’’කපුටා’ ළඟදීම නැවතත් ලංකාවට එන බව ආරංචි යැයි සමගි ජන බලවේගය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 19 November 2022
ලාංකික කතුන් එතෙර විකිණු මහ මොළකරු අත්අඩංගුවට ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් සංචාරක වීසා මත ඕමානය වෙත රැගෙන විත් එරට කෝටිපති ව්‍යාපාරිකයන් හට අලෙවි කළ මිනිස් ජාවාරමේ මහ මොළකරු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබූ නියෝගයක් මත ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද(19) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ . 19 November 2022
මන්න කන්නාට වෙඩි ප්‍රහාරයක් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මාරිමුත්තු ගනේෂ් රාජා නොහොත් මන්න කන්නා නමැත්තා ග්‍රෑන්පාස් නවගම්පුර ප්‍රදේශයේ අද සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි 19 November 2022
කෝප්, කෝපා කමිටුවලට අලුත් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ කමිටු තුනකට මන්ත්‍රීවරුන් හයදෙනෙකු අලුතින් පත් කෙරෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 19 November 2022
විපක්ෂය කමිටුවලට තවමත් නම් එවලා නැහැ පාර්ලිමේන්තු කමිටු පත් කරන්නේ නැතැයි චෝදනා කරන විපක්ෂය එම කමිටු පත් කිරීමට නාමයෝජනා තවමත් ඒවා නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 19 November 2022
අලුත් කමිටු 2ක් පිහිටුවන්න කතානායකගෙන් වාර්තාවක් ජනාධිපතිවරයාගේ යෝජනාවක් පරිදි ස්ථාපිත කිරීමට නියමිත බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව සහ ආර්ථික ස්ථායිකරණය පිළිබඳ කාරක සභාව යන විශේෂ කාරක සභා දෙකට අදාළ ස්ථාවර නියෝග පිළිබද කාරක සභාවේ වාර්තාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදරිපත් කළේය. 19 November 2022
ආයෝජකයන් දිරි ගැන්වීමට දිරිගැන්වීමට අලුත් පැකේජයක් පවතින ආයෝජන පැකේජය ආයෝජකයන් ආකර්ෂණය කිරීමට ප්‍රමාණවත් නොවන බවත් මහබැංකුව සහ භාණ්ඩාගාරයට කරුණු පැහැදිළි කර ආයෝජකයන් දිරිගන්වන සුලු නව පැකේජයක් සැකසිය යුතු බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා ආයෝජන මණ්ඩලයට (BOI) උපදෙස් ලබා දුන්නේය. 19 November 2022
’’රටට විනෝදාස්වාදය අවශ්‍යයි’’ මේ රට විනෝදාස්වාදය අවශ්‍ය බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. 19 November 2022
පීඩන අවපාතය වෙනතකට හැරෙයි ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී හෙට (20) හෝ අනිද්දා (21) දිනවල උතුරු වෙරළට ආසන්නයෙන් ගමන් කර තමිල්නාඩු ප්‍රදේශයට ගමන් කිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 November 2022
රට ගිය අයගේ උදව් ගන්න අලුත් ආයතනයක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලය (Office of the Overseas) නමින් ආයතනයක් ස්ථාපිත කිරීමේ කටයුතු දෙසැම්බර් මස වන විට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇත. 19 November 2022
මරුවා යතුරු පැදියෙන් එයි කළුතර බණ්ඩාරගම මාර්ගයේ ගෝනදූව ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් ගැටී සිදුවූ අනතුරකින් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි මොරොන්තුඩුව පොලිසිය පවසයි. 19 November 2022
ලංකාව දකුණු අප්‍රිකාවෙන් ඉගෙන ගන්න යයි “සත්‍ය සහ සංහිදියා කාර්යාලය” යළිත් ස්ථාපනය කිරීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදීමට දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වී ඇත. 19 November 2022
ධනුෂ්කගේ ඇප මුදල දුන් ලාංකික කත කවුද? ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට නියම කළ ඕස්ට්‍රේලියානු ඩොලර් 150000ක ඇප මුදල ලබා දී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් බවත් එම කාන්තාවට ධනුෂ්ක ගුණතිලක සමග තිබෙන සම්බන්ධය කුමක්දැයි තවමත් හෙළිවී නොමැති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 18 November 2022
ඉන්දියන් සයුරේ පතුල සෙලවේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා බෙන්ග්කුලු ආසන්න ඉන්දියානු සාගරයේ සිදුව ඇති භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර් ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. 18 November 2022
’’ස්වභාව ධර්මය සඳහා වූ ණය’’ ගන්න එක්සත් ජාතීන් සමඟ සාකච්ඡා දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ’’ස්වභාව ධර්මය සඳහා වූ ණය’’ සංකල්පය යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ අනෙකුත් ආයතන සමග සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 18 November 2022
ජනපති අටමස්ථානාධිපති නා හිමි බැහැ දකී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභිනව අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. 18 November 2022
බස්නාහිර ප්‍රශ්න පත්‍ර ගැන සී.අයි.ඩී.ය පරීක්ෂණක් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන පාසල් වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) පරීක්ෂණයක් ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියෙක් අද (18) පස්වරුවේ පැවසීය. 18 November 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026