IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘‘කැනඩා ආයෝජකයන් සමග කැනඩා රජයේ නියෝජනයක් නෑ ‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාව සමග ශ්‍රී ලංකාවට පසුගියදා  පැමිණි කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හන් ඩොන්ග් මහතා සහ රේචල් තෝමස් මහත්මිය කැනේඩියානු රජය නියෝජනය කරමින් නොපැමිණි බව කැනේඩියානු පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්ද සන්ගරී මහතා පවසා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හන් ඩොන්ග් මහතා සහ රේචල් තෝමස් මහත්මියට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාව දිරිමත් කිරීම සඳහා කැනේඩියානු රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට එරට රජය අවසර ලබා නොදුන් බව එම මහතා පෙන්වා දී තිබේ.

හන් ඩොන්ග් මහතා සහ රේචල් තෝමස් මහත්මිය, පිරිහුණු මානව හිමිකම් වාර්තාවක් ඇති වංචා සහ දුෂණ වලින් පිරි අසාර්ථක රටක ආයෝජනය කිරීම සඳහා කැනේඩියානුවන් දිරිමත් කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමට පත් වූ බව ගැරී ආනන්ද සන්ගරී මහතා ප්‍රකාශ කර ඇත.



අදහස් (5)

‘‘කැනඩා ආයෝජකයන් සමග කැනඩා රජයේ නියෝජනයක් නෑ ‘‘

Rexi Saturday, 19 November 2022 10:11 PM

තමන් ඉපදුන රටට වින කරන, අපේ දේශපාලුවෝ රට නැති කරලා ඉවරයි.

:       0       4

කිරි පුතා Saturday, 19 November 2022 11:48 PM

ආනන්ද සංගරී කියන නමෙන්ම කියන්න පුළුවන්නේ මිනිහා කව්ද කියලා. කැනඩාව කියන්නේ කොඩි ඩයස්පෝරාවේ මුල් පුටුව...!

:       1       8

විජිත් Sunday, 20 November 2022 12:11 AM

එදා රනිල් සිංගප්පුරුවේ හිටපු නොම්බර එකේ හොරෙක්ව ගෙනාවා මහබැංකුවේ ලොක්කා කරලා. ඒකා ගානට බැංකුවට වැඩේ දීලා , රනිල්ගේ කොටස එහෙ බැංකුවක තැන්පත්කරලා නමත් වෙනස් කරගෙන සිංගප්පුරුවේ යහමින් ජිවත් වෙනවා. ඡන්දයෙන් බලු විදිහට පැරදිලා හිටියා ටික කලක්. හරියට නයා මැරුණ අහිකුන්ටකයා වගේ. ඊට පස්සේ... මහජනතාවගේ අනුමැතියක් නැතිව , පාර්ලිමේන්තුවේ ඉන්න පට්ට හොරු 134 කගේ චන්දයෙන් ජනාධිපති වුනා.

:       3       4

nimal Sunday, 20 November 2022 12:13 AM

ඒ කියන්නේ හොර සුද්දෝ වගයක්.

:       1       0

AB Sunday, 20 November 2022 03:03 AM

මේවනවිට ලංකාවට පැමිණ සිටින කැනඩා ආයෝජකයන් සමග කැනඩා රජයේ නියෝජනයක් නොමැතිනම් පැමිණ සිටින කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාව පිටත්ව ගිය පසු කැනේඩියානු පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්ද සන්ගරී කැනඩා රජයේ නියෝජනය කරනාවූ ඔබේ කණඩායම සමග ඔබත් ලංකාවට පැමිණෙන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site