(අජන්ත කුමාර අගලකඩ)
එක් එක් දිස්ත්‍රික්කවල සංවර්ධන කටයුතු සඳහා මන්ත්‍රීවරුන්ට දෙන විමධ්‍යගත අරමුදල් කඩිනමින් ලබා දෙන්නැයි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ද මැති ඇමතිවරුන් ගණනාවක් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.
මන්ත්‍රීවරුන් සඳහා පසුගිය වසරේදී රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක මුදලක් විමධ්‍යගත අරමුදල් ලෙස ලැබුණු බවත් ,එහෙත් මේ වසරේ එය තවමත් ලැබී නැති බවත් එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.
ඇමතිවරුන්ට සහ රාජ්‍ය ඇමතිවරුන් ට සිය ගම්වලට ගොස් සංවර්ධන කටයුතු කිරීමට ඒ ඒ අමාත්‍යාංශවල මුදල් වෙන්කර ගන්නා නමුත් ,ආණ්ඩුවේ තනතුරු, වගකීම් නොමැති මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් නොලැබීම නිසා ගම්වල කිසිදු කටයුත්තක් කිරීමට නොහැකි වී ඇතැයි ද එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.
මෙය මන්ත්‍රීවරුන්ට රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව අතරට ගොස් ඔවුන් දැනුවත් කිරීමට බරපතළ ගැටලුවක් වී ඇතැයිද එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ආර්ථික තත්වය අනුව මේ වසරේ විමධ්‍යගත අරමුදල් ලබා දිය නොහැකි බවත්,ආදායම් මට්ටම සතුටු දායක වුවහොත් ලබන වසරේ දී එය ලබාදීමට හැකිවනු ඇති බවත් සදහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලයල්ලා... පලයල්ලා... කෑමවලට සල්ලි ගන්නේ නැහැ.
දේශපාලකයන්ට මෙහෙම මුදල් වෙන්කරන සිරිතක් දියුණු රටවල නැහැ.
ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන්ට සිය ගම්වලට ගොස් මුදල් ලබාදී ජනතාව රැවටීමට මෙවර සිදුවන්නේ නැත. මැතිවරණයකට පෙර මුදල්, මත්පැන් සහ වෙනත් දේ ලබාදෙමින් ජනතව රැවටු කාලය අවසන් බව අමතක නොකරන්න. යලිත් සිය ගම්වලට ගොස් දුෂිත දේශපාලනයක් දීමට පාර්ලිමේන්තුවේ සිටිනා 255ට හැකියාවක් නැත. ඔවුන් සියල්ලන්ම මේ වනවිට අසමත් බව රටේ පුරවැසියන් තේරුම් ගෙන තිබේ. ජනතාව කියා සිටින්නේ 225 කිසිවකුට ඡන්දය ලබා නොදෙන බවත් ඔවුන්ගේ තෑගිබෝග කිසිවක් රැගෙන ගම්වලට ඡන්දය ඉල්ලා නොපැමිණෙන ලෙසයි. කොටි ගණනින් මුදල් මැතිවරණ සඳහා වියදම් කළද ඔවුන්ගේ පුද්ගලික ජල බිල්පත්, විදුලි බිල්පත් සහ දුරකථන බිල්පත් ගෙවීමට පවා සිදුව තිබෙනුයේ ජනතාවට බවත් මොවුන් යළිත් පාර්ලිමේන්තුවට පත්කළහොත් පැමිණ ඔවුන්ගේ පුද්ගලික ව්‍යාපාර කරනා සහ රටට බරක් වන දේශපාලකයින් රටට අවශ්‍ය නොමැති බව ජනතාව තරයේ කියා සිටියි.
සත 05 ක් දෙන්න එපා හොරු රැළට... මෙතෙක් කල් හොරාකෑවා සල්ලි ටිකත් අරගෙන තොලොංචිවෙලා යන්න කියන්න. සංවර්ධනේ...?
අතපය දිග ඇරලා සුද්දෙ දෙන්න වෙන්නැති. කාලෙකින් බැරි වුණානේ...!
ගම පිළිබඳ දක්වන සැලකිල්ලට බොහොම ස්තුතියි. මෙතුවක් කල් හොරාකාපුවා මදිවෙලාද?
දැන් අවුරුද්දක් ගෙවීයන වෙලාව. තවත් තියෙන්නේ මාසෙකට දින කීපයක වැඩි කාලයක් පමණයි ඉතින් මුදල් ලැබුණා කියලා කරන්න කිසිම වැඩක් නැහැ. එහෙම තියෙද්දී ඉල්ලන්නේ බොරුබිල් දමා කෝටි ගණනින් ගසාකෑමට කියලා ඉතාමත් පැහැදිලියි. මන්ත්‍රීන් සඳහා මුදල් දෙනවා නම් මුල් මාස 06 තුළ නොදුන්නොත් සියල්ලම නාස්ති වෙනවා. මන්ත්‍රිතුමාලා සඳහා මුදල් දෙනවිට ඒ වෙන්කිරීම් සති අන්ත පුවත්පත් මගින් ව්‍යාපෘති නම් සමග ප්‍රසිද්ධ කළොත් ජනතාව විමසිලිමත් වේවි... කරන සියලු ව්‍යාපෘති ඔක්තෝබර් මාසය අවසානයේ අවසන් නොකළොත් එම වැඩවල මුදලුත් අපතේ යනවා තමයි. රජයේ සේවයේ මුදල් අංශයේ කටයුතු කළ කෙනෙක් ලෙසට දෙසැම්බර් 30 හෝ 31 මුදල් පොත් වැසීම කරනවිට බොරු බිල්පත් ඉදිරිපත් කරන හැටි හොඳින්ම පේනවා කියන්න පුළුවන්...!
අනේ තවත් අවුරුදු 2ක් මේ ආණ්ඩුවටම කඩේ යන්.
මේ අයට සත 05ක් දෙන්න එපා..!