
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභිනව අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
ඓතිහාසික අනුරාධපුර පූජා භූමිය වෙත අද (18) පැමිණි ජනාධිපතිවරයා අභිනව අටමස්ථානාධිපති නාහිමි බැහැදැක උන්වහන්සේට සුභාශීංසන පළ කරමින් නිරෝගී සුව ප්‍රාර්ථනා කළේය.
ජනාධිපතිවරයා සමග සුහඳ පිළිසඳරක නිරත වූ අටමස්ථානාධිපති හිමියෝ සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද පළ කළහ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනපති අටමස්ථානාධිපති නාහිමියන්ට අටපිරිකර පූජා කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නරයට ගහලා එලෝපල්ලා.
රටේ හැම දේශපාලකයෙක්ම රට විනාස කරලා තියෙන්නේ. ඒ නිසා ඔප්පු තිරප්පු අහුවෙන්නනම් තියන්න එපා හාමුදුරුව්නේ.
ඒ මොකද හදිස්සියෙම. සාස්තරකාරයෝ කාලෙ ලඟයි කිව්වද?
Nayaka Hamuduruwane, can you bless a traitor of the country?
මිහින්තලේ එහෙම ගියේ නැද්ද? ගියානම් හොදවැයින් ටිකක් අහගන්න තිබුණා.
"සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවෙක් නෑ... ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ..."