
(අංජුල මහික වීරරත්න සහ විමුක්ති රුද්‍රිගු)
විදේශගත ශ්‍රමිකයින්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා හඳුන්වා දෙන “එතෙර දිරිය” නිවාස ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා බැංකු ආයතන සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේදී අද(10)සිදු කෙරිණි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ හා නිවාස ඉදිකිරීම්, ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගිවිසුම් අත්සන් කිරීම සිදුවිය.
පුද්ගලික වානිජ බැංකු ආයතන වන DFCC බැංකුව හා Union Bank සමග කාර්යාංශය අවබෝධතා ගිවිසුම සදහා අත්සන් තබන ලදී. ඉදිරියේදී තවත් බැංකු ආයතන 9 ක් සමග මෙම අවබෝධතා ගිවිසුම් සදහා එළඹීමට නියමිතය. ඒ අනුව බැංකු ආයතන 11ක් මෙම කාර්ය සඳහා සම්බන්ධ කරගැනීමට කාර්යාංශය පියවර ගෙන ඇත.
විදේශගත ශ්‍රමිකයින්ගේ නිවාස අවශ්‍යතා සඳහා මූල්‍ය පහසුකම් සැලසීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන විදේශගත ශ්‍රමිකයින්ට රුපියල් 500,000 සිට රුපියල් මිලියන 10ක් දක්වා නිවාස ණය ලබාගැනීමට අවස්ථාව හිමිවන අතර, එම ණය මුදල උපරිම වසර 10ක කාලයක් තුළ ආපසු ගෙවීමට හැකියාව පවතී.
මෙම යෝජනා ක්‍රමයේ විශේෂත්වය වන්නේ, අනුමත ප්‍රතිපූරණ ආකෘතියට අනුව ණය පොලියේ කොටසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් ප්‍රතිපූරණය කිරීමයි. ඒ වෙනුවෙන් 2027 වර්ෂයට රුපියල් මිලියන 126 මුදලක් වෙන් කර තිබේ. ණය සඳහා සැලකිල්ලට ගනු ලබන උපරිම ණය පොලී අනුපාතය වාර්ෂිකව 15%ක් වන අතර, 15% ඉක්මවා බැංකුව විසින් අය කරනු ලබන අවස්ථාවකදී වැඩිවන පොලී මුදල ණය ලාභියා විසින් දැරිය යුතු වේ.
ණය යෝජනා ක්‍රමය යටතේ ණය අයදුම් කිරීම අදාළ සහභාගී බැංකුව හරහා සිදු කෙරෙන අතර, බැංකුව විසින් අයදුම්කරුගේ සුදුසුකම්, ණය ආපසු ගෙවීමේ හැකියාව, ණය විශ්වසනීයත්වය සහ ඇපකර අවශ්‍යතා ඇගයීමට ලක් කරනු ඇත. ණය අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ අවසන් තීරණය අදාළ බැංකුව විසින් ස්වාධීනව ගනුලබයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd