(අංජුල මහික වීරරත්න)
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලය (Office of the Overseas) නමින් ආයතනයක් ස්ථාපිත කිරීමේ කටයුතු දෙසැම්බර් මස වන විට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇත.
විදේශ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙම කාර්යාලය විවෘත කිරීමට නියමිත අතර විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට සෘජුව මෙයට සම්බන්ධ වී මෙරට ආර්ථික ප්‍රගමනයට සහාය දීමට මෙමගින් අවස්ථාව සැලසේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත් වූ විගස රටට උපකාර කරන ලෙස ඩයස්පෝරාව ඇතුළු විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩනයේ දී ඩයස්පෝරා සාමාජිකයන් හමුවී සාකච්ඡා කළ අතර එහිදි ඩයස්පෝරාව කියන නම වෙනුවට විදේස්ගත ශ්‍රී ලාංකිකයන් ලෙස හදුන්වාදීමට තීන්දු කෙරිණි . නව කාර්යාලය ස්ථාපිත කිරීමෙන් පසුව සිංහල හා දෙමළ ඩයස්පෝරාවට එම කාර්යාලය අමතා මෙරටට සෘජුව සම්බන්ධ වී ආයෝජන කළ හැකිය.
එසේම වෙනත් ආයෝජකයන් සම්බන්ධ කිරීමට ද අවස්ථාව උදාවේ. නව කාර්යාලය ස්ථාපිත කිරීමේ කැබිනට් පත්‍රිකාව ඉදිරි සතියේදී ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දෙසැම්බර් අග වන විට කාර්යාලය පිහිටුවීමේ කටයුතු ආරම්භ වනු ඇත.
විදේශ ඇමති අලි සබ්‍රි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් හා අධිකරණ අමාත්‍යාංශ නිලධාරීන් අතර ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුයි. මෙය තව පාරක් එතෙර අපි රැවටීමට කරන මගෝඩි වැඩකි. එතෙර අපි ඉල්ලන්නේ සුදුසු පාලනයක් බිහිවීමට අවස්ථාව සලසා දෙන ලෙසයි. ඉන්පසු එතෙර අපේ සහයෝගය ඔවුන්ට ලැබෙනු ඇති.
දුප්පත් කමට වෛශ්‍යා වෘත්තීීයේ යෙදුනා වගේ තමයි කොටි ඩයස්පෝරාවට නැමුනම.
ලංකාවේ දූෂණය නාස්තිය හොරකම සහ මානුෂික අයිතිවාසිකම් දිගින් දිගටම කඩ කරන පාලකයන් ඉන්න තුරු අපි කිසිම ආයෝනයක් උදව්වක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට පිස්සු නැහැ. මුලින්ම පාලකයෝ ඔබලාගේ වැරදි හදාගන්න. විපක්ෂය බලයට ආවත් අපි එකවර පැනලා උදව් කරන්නේ නෑහැ. මුලින්ම ඒගොල්ලොන්ගේ ක්‍රියාපිළිවෙලත් නිරික්ෂණය කරන්න ඔිනි.
බලාගෙන ඉන්න අපි එන්නම්... ටොන් ගානේ සල්ලි අරන් ඔයාලගේ හැතිකරේට උදව් කරන්න.
කපටි නරි ඉන්නකන් ඕවා බොරු සෙල්ලම් තමයි...!
හරි ලස්සන ක්‍රම නම් තියෙනවා. සල්ලි හම්බ කරන්න. මම ඉන්නේ ඇමරිකාවේ... හිඟා කාලා හරි රට ගොඩයන්න... උදව් කරනවා. රනිල්, මහින්ද, ගෝඨාභය, කපුටා බේබිලා ඇතුලු හොරා කාපු නඩේ බර වැඩ සහිතව අවුරුදු ගාණකට හිරේ දැම්මොත්... නාකි නඩේ හොරාකන්න. අපි මැරි මැරි වැඩ කරන්න ඕනෑ. මේ දේ කරලා පෙන්නුවොත් සල්ලි ගලාගෙන එයි. එහෙම නැතුව කිසිම පිටරට ඉන්න වැසියෙක් මුදල් එවන්න එපා. මොවුන් තවමත් හොරා කනවා නීතියක් නැහැ. නිවාඩුවට ආවාම වැඩක් කරගන්න ගියාම රටේ නම ඇහුවාම අය කිරිම් තෙගුණ වෙනවා. මේ දූෂිත නාකි නඩේ ඉන්නකම් කවුරුත් උදව් කරන්නෙත් නැහැ. ලංකාවට එන්නෙත් නැහැ. කන්නත් නැහැ. ඉන්නත් නැහැ. බෙහෙතුත් නැහැ. කරන්ට් එකත් නැහැ. තෙලුත් නැහැ....
ඉන්වෙස්ට් කරන්න පුළුවන්, අපෙන් ලොකු කොමිස් ඉල්ලනවා. පොඩි ගණනක් නම් කමක් නෑ. . එයට මොකක්ද ගන්න පියවර.. එකක් දෙකක් නොවේ, කීප අවස්ථාවක , කීප දෙනෙකුට වෙලා තියෙනවා.