(විමුක්ති එස් රුද්‍රිගු)
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව "ස්වභාව ධර්මය සඳහා වූ ණය" සංකල්පය යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ අනෙකුත් ආයතන සමග සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡාවල මුල් අදියරේ සිටින අතර ණය ප්‍රතිව්‍යුහගත කරන සැලැස්මට විනාශයට පත් වෙමින් තිබෙන පරිසර පද්ධතියක් සංරක්ෂණය කර නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා අනුමත කර ගන්නා ණය මුදලෙන් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණයෙන් යම් ප්‍රමාණයක් අඩු කරගැනීමට බලාපොරොත්තු වන බව පරිසර අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය පැවසුවේය.
"ස්වභාව ධර්මය සඳහා වූ ණය" සංකල්පය යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන එකක ණය මුදලක් කපාහැර ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වුනත් ස්ථිර වශයෙන් ඇමෙරිකානු බිලියන 1 මුදලක් ලබා ගත හැකි වේදැයි තහවුරු කිරීමට මෙම අවස්ථාවේ අපහසු බව එම ආරංචි මාර්ග පෙන්වා දී ඇත.
"ස්වභාව ධර්මය සඳහා වූ ණය" සංකල්පය යනු විනාශයට පත් වෙමින් පවතින පරිසර පද්ධතියක් සරක්ෂණය කර නැවත යථා තත්ත්වයට පත් කිරීම උදෙසා ණය ලබා ගැනීමයි.විදේශ මුදල් ණය ලෙස ලබා ගනිමින් එම මුදල දේශීය මුදල් බවට හුවමාරු කරමින් එම මුදල සංරක්ෂණ කටයුතු සඳහා යෙදවීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නේ තේරෙන්නේ පරිසරේ ගැන උණගැලිලා දැඟලුවේ මොකද කියලා.
පාරවල් ටික හදලා කොමිස් ගහන්න මේ ණය ටික ගමු.
ණය, ණය, ණය අයියෝ සාමි!
ඒක අරගෙන ඇමති මණ්ඩලෙයි රාජ්‍ය සේවකයින්ගෙයි පඩි ගෙවලා තව බිල්ඩින් ටිකක් හදලා ඉතුරු ටිකේ ඩීසල් පැට්‍රල් ගෙන්නන්න.