(අජන්ත කුමාර අගලකඩ)
පෞද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකාවට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ,ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හෙට (20)දිනයේ යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
බැසිල් රාජපක්ෂ මහතා මාස එක හමාරක පමණ කාලයක් ඇමෙරිකාවේ රැඳී සිටි අතර,විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගනු ලැබුවේ ද ඔහු ඇමරිකාවේ සිටියදීය
මේ අතර, රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමෙන් පසුව,පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු සඳහා සක්‍රීයව දායක වීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොළහතානෝ නැවත එනවලු? මෙදාපාර මොන ගේමක් ගහන්න හිතාගෙන ඉන්නවාද දන්නේ නැහැ.. අවලස්සන ඇමරිකානුවා ගැන කියන්නේ මොනවාද කියලා බලාගන්න බැරියෑ...
ඇමරිකාවේ පෙට්‍රල් ගහනවාට වඩා බැණුම් අහගෙන හරි ගතමනාව ලැබීම හොඳ නැද්ද?
මේ අය හිනාවෙලා ඉන්නේ ජනතාවගේ කඳුළු වලින්.
එන්න එන්න මේ ගණුදෙණුවට ඔබ ඕනෑමයි.
රට දාලා ගියත් උපන් බිමට ඒමේ අයිතිය ඕන කෙනෙකුට තියෙනවනෙ. දේශපාලනය නොකර ආ පයින්ම ගියා නම් තමයි වටින්නේ
අනේ දෙවියනේ ඔය ප්ලේන් එකට මොනවත් වුනොත් උඩදී... අපේ රට ගොඩ. එහෙම නැතුව මෙහාට ගොඩ බැස්සොත් මොකක් හරි හොරකමක්.
ආයෙත් ගුලියක් අඹරන්න තමයි ඔය එන්නේ.