
(සුමිත් පොතුපිටිය සහ බිමල් ජයසිංහ)
කළුතර බණ්ඩාරගම මාර්ගයේ ගෝනදූව ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් ගැටී සිදුවූ අනතුරකින් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි මොරොන්තුඩුව පොලිසිය පවසයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ වාද්දුව, පොතුපිටිය සහ දෙල්දූව ප්‍රදේශයේ පදිංචිව සිටී යසිරු සම්පත් ප්‍රනාන්දු සහ සන්දේස් සුලෝචන පියරත්න නමැති 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු බව පොලිසිය කියයි .
ගෝනදූව ඉන්ධන පිරවුම්හල අසල යතුරුපැදි දෙක ගැටී සිදුවූ අනතුරෙන් දෙදෙනාම එම ස්ථානයේම මියගොස් ඇතැයි පොලිසිය කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුරුපැදි හමුවුනාම හිතන්නේ ඉගිල්ලිලා යන්න. අනෙක් අයගෙත් ජීවිත අනතුරට පත්කරමින්.
ඡායාරූපය දැක්කාම හිතාගන්න පුළුවන් ඔහොම වුණේ ඇයි කියලා...