(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නීති විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ ගාස්තු රුපියල්15,000සිට 60,000 දක්වා වැඩි කිරීමට යන බව ආරංචි වන හෙයින් එය වහා නතර කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.
ඔහු මෙසේ ඉල්ලා සිටියේ කතානායකවරයාගේ අවසර ඇතුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මේ අවස්ථාවේදී මෙලෙස විශාල මුදලකින් ගාස්තු වැඩි කිරීම එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දැරිය නොහැක්කක් බවද ඔහු සඳහන් කළේය.
එසේම නීති විද්‍යාලය අලුත් ආකාරයට පැවැත්වීමට යන විභාග වැඩපිළිවෙල වසර තුනකට කල් දමන්නැයිද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි මොවුන් ජනතාවගේ බදුමුදල්වලින් ඉගෙන ගත්තා කියලා ජනතාවට නොමිල සේවය සපයන්නේ නැහැ. ඒ නිසා 10 ගුණයකින් වැඩි කරන්න.
අද මෙතුමා නීති විද්‍යාලයේ ගාස්තු වැඩිකිරීමට යන බව කියා හඬ නගනවා. නීතීඥයෝ අද මහජනතාව සූරාකන එක ගැන කතා කරන්නේ නැහැ.
ඒකට කමක් නැහැ. මහජනතාවට නොමිලේ සේවා සපයන නීතිඥ මහත්වරු ඉන්නවාද? දේශපාලකයින්ට කත් අදින අය හිටියට සාමාන්‍ය වැසියන් හූරාගෙන කනවා. එනිසා 3 ගුණය නෙවෙයි සිය ගුණයක් කළත් කමක් නැහැ...
මෙහෙම ගාස්තු වැඩිකරලාවත් සීමාවක් ඇතිකරන එක රටට යහපතකි. ත්‍රී විල් සේවාවත් මෙයත් අද රටට ඕනෑවට වඩාබරකි. රටේ නිෂ්පාදන කටයුතුවලට දායකවියයුතු මේ ශ්‍රමය නිකරුනේ සිට මුදල් උපැයීම උද්ධමනය වැඩිකිරීමකි. විලාසිතාවක් බවට පත්වූ මේ සේවාවන් දෙකම පුංචි ලංකාවේ හැටියට ඵලදායිතාවෙන් ඉතා අඩුයි...!
ඇයි සජිත් ඔයාට කියන්න බැරි, '' මම රටේ පාලකයාවුන වහාමේ මේ රජය ගෙනාපු සියලුම ප්‍රොජෙක්ට් අවලංගු කරනවා " කියලා..?
15000 ගාස්තුව 60000 දක්වා නොවෙයි 100% වැඩිකළ යුතුයි. ජනතා මුදලින් ඉගෙනගෙන ජනතාවටම කෙලින්න ඉඩදෙන්නේ අපේ කොහේ තිබෙන අමාරුවකටද? දොස්තරවරු ජනතා මුදලින් ඉගෙනගෙන කාලයක් රජයේ සේවයට බැඳී ජනතාවට මුදල් අය නොකර සේවයක් කරනවා. රටට නීතිඥයින් බිහිකිරීමෙන් ජනතාවට එහෙම සේවයක් වෙන්නේ නැහැ. නීති විද්‍යාලයෙන් එළියට ආ වෙලේ සිටන් ජනතාවගෙන් මුදල් අයකරනවා. ඉතින් රටේ ජනතාව මොකටද ඔවුන්ගේ අධ්‍යාපනයට වියදම් කරන්නේ...?
බයියන්ට නම් කමක් නැහැ. උඩ අදහස්වලින්ම ඒක පේනවා. නැට්ට ළඟටම ගොම... ඒත් කඩේ යන්නේ කම්බ හොරුන්ට...