IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලාංකික කතුන් එතෙර විකිණු මහ මොළකරු අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් සංචාරක වීසා මත ඕමානය වෙත රැගෙන විත් එරට කෝටිපති ව්‍යාපාරිකයන් හට අලෙවි කළ මිනිස් ජාවාරමේ මහ මොළකරු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබූ නියෝගයක් මත ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද(19) අලුයම  අත් අඩංගුවට ගෙන තිබේ .

44 හැවිරිදි මොහොමඩ් රිස්වි මොහොමඩ් ඉන්ෆාස් නැමැති මෙම පුද්ගලයා දෙහිවල සහ වත්තල යන ප්‍රදේශ වල බිරින්දෑවරුන් දෙදෙනෙකු සමග වාසය කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

මොහු විසින් පවත්වා ගෙන යනු ලබන  කොළඹ මරදාන ප්‍රදේශයේ බලපත්‍ර නොමැති විදේශ රැකියා නියෝජිත ආයතනයෙන් සහ  , තවත් රටපුරා පිහිටි විදේශ රැකියා ආයතන වලින්  මෙම ජාවාරම සදහා ළාබාල තරුණියන් ඕමානය වෙත ගෙන්වා ගෙන තිබේ .

ජනාධිපති ලේකම් කාර්යාලයේ තුන් වන ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් මොහු මෙම මිනිස් ජාවාරම මෙහෙයවා ඇති බව කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

අබුඩාබි , ඩුබායි ඇතුළු තවත් මැදපෙරදිග රටවල නගර වෙත ගුවන් මගින් සංචාරක වීසා මත ගෙන්වා ගනු ලබන ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් බස් රථ මගින් , දේශසීමාව තරණය කරමින් ඕමානය වෙත ගෙන්වා ගෙන , එරට ප්‍රසිද්ධ වෙන්දේසියේ මෙම තරුණියන් රුපියල් ලක්ෂ දහයේ සිට ලක්ෂ විසිපහ දක්වා මුදලකට ගණිකා වෘත්තියේ නියැලීමට සහ වෙනත් අකටයුතුකම් සදහා  අලෙවි කර තිබේ .

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ඕමානය වෙත ගොස් මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කර තිබේ .

මොහු ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් අද අලුයම 12.55 ට  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ ඉල්ලීම මත මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මොහු අත් අඩංගුවට ගැනීම සදහා නියෝගය කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ලබා දී තිබේ .

එසේ අත් අඩංගුවට ගත් මෙම ජාවාරම්කරු භාර ගැනීමට  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කොළඹ සිට පැමිණෙන තෙක් කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ආරක්ෂාව සදහා රදවා තබා ගෙන තිබුණි .

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳව අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කිරීමෙන් පසුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට මෙම ජාවාරම්කරු ඉදිරිපත් කිරීමට නියමිතය .



අදහස් (7)

ලාංකික කතුන් එතෙර විකිණු මහ මොළකරු අත්අඩංගුවට

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 19 November 2022 12:36 PM

මේ තක්කඩි හොරදෙටුවාව නීතියේ රැහැනට කොටුකර ගැනීමට කටයුතු කළ සැමට අනේක වාරයක් ස්තුතියි. මෙවැනි තවත් මගෝඩි වැඩ කරනා මෙවැනි අය අල්ලා ගැනීමට ශක්තිය, ධෛර්යය ලැබේවා. මොහුගේ දේපල රාජසන්තක කළ යුතුයි.

:       0       46

Senaka Saturday, 19 November 2022 12:57 PM

දුප්පත්කමින් අසරණකමින් පීඩා වින්ද අසරණයින්ව පෙලූ මේ අමනයාට සැඟවූ අවි පෙන්නීමට එක්කගෙන යා යුතුයි...

:       3       41

අබිලින් Saturday, 19 November 2022 03:13 PM

එයාගේ සියලු දේපළ රාජසන්තක කර විකුණා අගතියට පත්වූ සියලු දෙනාටම බෙදාදීම කරන්න ඕනෑ...

:       1       32

යුක්තිය Saturday, 19 November 2022 03:20 PM

කාලෙකින් අපේ රහස් පොලිසිය සහ පොලිසිය හොඳ වැඩක් කරලා. විශිෂ්ඨයි.

:       0       28

SL Saturday, 19 November 2022 03:44 PM

සතියක් ඇතුළත එල්ලලා මරල දාන්න...

:       13       21

dhamneth Saturday, 19 November 2022 08:17 PM

මෙම කාන්තාවන්ට ලංකාවට ඇවිත් කැමැති අයට කැමැති විදිහට මෙහි ඉන්න අවසර දෙන්න. මෙරට විවාහක කාන්තාවන් ලක්ෂ 9ක් පමණ මැදපෙරදිග ගිහින්ලු. මේ කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයින්ටත් ඉඳහිටවත් මොකක් හරි සහනයක් තියෙන්න... එපෑයෑ.

:       0       0

janahitha UAE Sunday, 20 November 2022 09:45 AM

දූෂිතම ආයතනයක නිලධාරීන්ට කප්පම් මුදල් පමාවීම නිසා කළ තාවකාලික වැටලීමක්... මේවා බොරු මවාපෑම්... නිලධාරීන් හවුල් වෙලා මෙය තවමත් සිදුවෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site