(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත “භූතයෙක්ගේ" පුත්තු රිංගා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කොළඹදී මාධ්‍ය හමුවකදී පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ වසර ගණනාවක් රැඳී සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පසෙකලා මෙම භූත පුතුන් රිංගා ගෙන තිබෙන්නේ යැයිද කරුණානායක මහතා කීය.

එක්සත් ජාතික පක්ෂය මෙන්ම සමගි ජන බලවේගය යන පක්ෂ දෙකෙහිම නායකයින්ට සහ සාමාජිකයින්ට දේශපාලනිකව පැවැත්මක් තහවුරු කරගැනීමට නම්, දෙපාර්ශවයම වහාම එක් විය යුතු බවද කරුණානායක මහතා කීය.

කෙසේ වුවද, වත්මන් නායකත්වය යටතේ පක්ෂ දෙකම ඉතා ඉක්මනින් එකම පෙරමුණකට පැමිණෙනු ඇති බවත්, ඉන් අනතුරුව දැවැන්ත ශක්තියකින් යුතුව ඉදිරියට යාමට හැකිවනු ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී  විශ්වාසය පළ කළේය.