(අංජුල මහික වීරරත්න)
“සත්‍ය සහ සංහිදියා කාර්යාලය” යළිත් ස්ථාපනය කිරීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදීමට දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වී ඇත.
සත්‍ය හා සංහිදියා කාර්යාලය ස්ථාපිත කිරීමට අවශ්‍ය දැනුම ලබා ගැනීම සඳහා මෙරට නියෝජිත කණ්ඩායමක් දකුණු අප්‍රිකාව වෙත යොමු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී ජනපති රම්පෝසා මහතා වෙත දැනුම් දී තිබේ. සත්‍ය හා සංහිදියා කාර්යාලය පිහිටුවීම වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබාදීමට සුදානම් බවද ජනපති සිරිල් රම්පෝසා මහතා මෙහිදී පවසා ඇත.
ප්‍රජාවන් අතර කල්පවත්නා සංහිදියාවක් ඇති කර ගැනීමට සත්‍ය හා සංහිදියා කාර්යාලයක් පිහිටුවීමේ යෝජනාව 2015 යහපාලන රජය සමයේ ඉදිරිපත් කරන ලද්දේ එවක අගමැති වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. දකුණු අප්‍රිකාව කලු සුදු බේදය අවසන් කළ ආකාරයට මෙරට ප්‍රජාවන් අතර සංහිදියාව ඇති කිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම මෙම කාර්යාලයේ අරමුණ වේ.
සත්‍ය හා සංහිදියා කාර්යලයක් ස්ථාපිත කිරීමේ සාකච්ඡාව පැවැත්වුනේ ඉකුත් බ්‍රහස්පතින්දා කටුනායක ගුවන් හමුදා අමුත්තන් පිළිගැනීමේ ශාලාවේ දීය. දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා මහතා ජී. 20 සමුළුව අවසන් කොට නැවත සිය රට බලා යද්දී කෙටි විවේකයක් ගැනීමට මෙරටට පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකාවෙන් අපට ඉගෙන ගැනීමට කිසිවක් නැත. එකම වාසිය එහේ යන නියෝජිත කණ්ඩායමට විනෝදයක් ලබා ගැනීමට හැකිය.
ඉගෙන ගැනිල්ල කෙසේ වෙතත් හෙංචයියන්ට පවුල් පිටින් රට සවාරි යන්න හොඳ චාන්ස් එකක් හදා ගනීවි.
ඕක ඉගෙන ගන්න ඔච්චර දුර යන්න අවශ්‍ය නැහැ. අපේ රටේ ආදිවාසි නායකයන්ගෙන් ඇහුවනම් එතුමා කියලාදේවි. අපේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයකට වඩා දැනුමක් සංවර බවක් අපේ ආදිවාසි නායකතුමාට තිබෙනවා.
This is a very good move
ඉගෙන ගන්න කියලා යන පුද්ගලයෝ එහෙ ගිහින් ප්‍රශ්න ඇතිකරාම ඔවුන්ව බේරා ගන්න ඩොලර් ලක්ෂ ගණනින් ඇප සහ දඩමුදල් ගෙවන්න වේවිද.