IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වවුනියාවේ සංචාරයට ආ ජනපතිට විරෝධය

(සිතුම් චතුරංග)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වවුනියාව සංචාරයට විරෝධය දක්වමින් හා යුද සමයේ අතුරුදහන්වූවන් සොයාගැනීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩලබාදෙන ලෙස ඉල්ලා වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අද(19) විරෝධතාවක නිරත වූහ.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් ජනාධිපතිවරයා පැමිණෙන මාර්ගය අසල විරෝධතාවය පැවැත්වීමට සැලසුම් කොට තිබූ අතර වවුනියාව පොලිස් නිලධාරීන් විසින් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමඟ දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් හටගැනින.

ජනාධිපතිවරයා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා පැමිණ සිටි අතර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් කළු කොඩි ඔසවමින් හා අතුරුදහන්වූවන්ගේ ඡායාරූප පෙන්වමින් පවසා සිටියේ තමන්ගේ ගැටළුවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසත්ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමෙන් අනතුරුව උතුරු පළාතේ සංචාරය කරන පළමු අවස්ථාව වන අතර එයට විරෝධය දක්වමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් එලෙස විරෝධය දැක්විය.

ජාත්‍යන්තරය සමඟ සබඳතා තිබෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුද සමයේ අතුරුදහන්වූවන් පිළිබඳ සොයාබැලීමට ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩලබාදෙන ලෙසද අතුරුදහන්වූවන්ගේ ඥාතීන් එහිදී පවසා සිටියහ.

පොලිසිය විසින් වවුනියාව කාන්තා පොලිස් නිලධාරිනියන් ගෙන්වා විරෝධතාකරුවන් එක්තැනකට රැස්කොට ඔවුන්නට හඬනැගීමට නොහැකිවන සේ රැකවල් යොදා බාදා කරමින් විරෝධතාකරුවන් මෙල්ල කිරීමට කටයුතු කළ අයුරු දැකගත හැකිවිය.

 



අදහස් (5)

වවුනියාවේ සංචාරයට ආ ජනපතිට විරෝධය

Kule Saturday, 19 November 2022 06:52 PM

ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, නෝර්වේ, ඩෙන්මාර්කය වගේ රටවලට ගියා නම් ඔය අතුරුදන් වෙච්චි අයව හොයාගත හැකියි.

:       17       40

සෙනෙවිරත්න Sunday, 20 November 2022 10:03 AM

අම්මලා පාරේ රස්තියාදු කරවන්නේ කෑම දිරවන්නද එහෙනම්...? ඔය රාජපක්ෂ හඬ වගේ.., ඕවා පරණ කතා....!

:       1       6

sunil Sunday, 20 November 2022 12:17 AM

වවුනියාවේ වැසියනේ, අපේ රටට කරන ලොකුම සේවයක්.

:       1       0

Sunil Sunday, 20 November 2022 10:12 AM

මෙයාට වව්නියාවේ පමණක් නොවේ, මේ රටේ කොහෙවත් එන්න දෙන්න එපා.

:       3       5

fairoos Sunday, 20 November 2022 02:16 PM

ඕවා මදි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site