(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බ්ලේඩ් තලවලින් මාර ගස් කැපීමට බලාපොරොත්තු නොවන ලෙස සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.
" මම මන්ත්‍රීධූරයෙන් පැන්නීමට එතුමා ලොකු උත්සාහයක් ගන්න බව මට ආරංචි වෙනවා. නන්නත්තාර වෙලා ඉන්න කොට මම තමයි එතුමට පක්ෂය දුන්නෙ. එතුමට ඒ ගැන කෙළෙහි ගුණයක් තියෙන්න ඕන. මම දන්න තරමින් එතුමට කෙළෙහි ගුණයක් නැහැ. අපි හැප්පිලා බලමු" යැයිද ඇය සඳහන් කළාය.
ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
නිලධාරීන් අතින් සිදුවන හොරකම් නැවැත්වූයේ නම් මේ රට දියුණු කළ හැකි බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය නෙළුම් කුළුන සඳහා බිලියන ගණනක ආයෝජනයක් තමා ඊයේ ගෙනා බව ප්‍රකාශ කළාය.
ලබන වසර වනවිට එහි ණය සියල්ල ගෙවා අවසන් කළ හැකි වනු ඇතැයි ද ඇය කීවාය.
ත්‍රෛලෝක විජය පත්‍ර තායිලන්තය වැනි බෞද්ධ රටක නිත්‍යානුකූල නම් එවැනි දෙයක් ශ්‍රී ලංකාවේ නිත්‍යානුකූල කළ නොහැක්කේ මන්දැයි ප්‍රශ්න කළ ඩයනා ගමගේ මහත්මිය කංසා අපනයනයේ වටිනාකම ගැන මේ සභාවේ ඉහළින් කතා කළ රාජිත සේනාරත්න මහතාට ස්තූතිවන්ත වන බවද පැවසුවාය.
ආණ්ඩු පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් පවා තෛලෝක විජය පත්‍ර ගැන සෘණාත්මකව කතා කිරීම ගැන තමා කනගාටු වන බව කනගාටුවන බවද ඇය වැඩිදුරටත් කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජි බබා තමන්ගේම පක්ෂෙනුත් කැපිලා. රටේ මිනිසුන් ගෙනුත් ප්‍රසාදයක් නැති තැනට පත්වෙලා. මහින්ද මහත්තයා ළඟ පිංසෙණ්ඩු වුණා කාලයක්. අනේ ඔබතුමියත් ඔය මනුස්සයාට ඔහොම අභියෝග කරන කොට පව් හිතෙන් නැද්ද?
ත්‍රෛලෝක විජය පත්‍රවලට විරුද්ධ අයගෙන් ඒවා නිසා සමාජයට සිදුවන හානි මොනවද කියලත් ඒ ගැන හොඳයි කියන අයගෙන් ඒවායින් සිදුවන යහපත් දේවල් මොනවද කියලත් ත්‍රෛලෝක විජයපත්‍ර මෙතෙක් ඇහින් දැකලා නැති කෙනෙක් ලෙසට අහන්න කැමැතියි. මෙහිදී දේශීය වෙද මහතුන් දරණ අදහස් මොනවද යන්නත් ප්‍රකාශ වෙනවා නම් හොඳයි. මේවා ගැන සමාජ කතිකාවක් ඇතිවීමක් වුණොත් වටිනවා. එහෙම නොවුණොත් ඒ ප්‍රශ්නය මෙතෙක් ලංකාවේ සිටි විපක්ෂයේ කට්ටියගේ කතා වගේම වෙනවා..
එක එක්කෙනාට අභියෝග කරන්න කළින් තමුන් නිර්දෝශී නම් තමන්ගේ ලියකියවිලි ටික උසාවියට ඉදිරිපත් කරන්න. නැතිනම් ඉල්ලා අස්වෙන්න. මේ පරීක්ෂණ කරන්න උසාවියේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ කාලය සහ මුදල් අනවශ්‍ය ලෙස නාස්ති වෙනවා.
වංචාව අනුගමනය කරමින් හදාගත්තේ හොර ID, ගමන් බලපත්‍ර නැවත බාරදී පිටවෙලා යන්නේ කවදාද කියලා ඇහුවාම මම කියනවා හැප්පිලා බලමු කියලා... දැන් හැප්පෙන්නේ කා එක්කද නෝනේ..?
ඕනෑවට වැඩිය උඩ පනින්ඩ ගිහින් ,ළන්ගදීම පස්ස බිම ඇනගනී වගේ?
ගංජා බොන එක ගැන ඔබතුමි එකඟද.?
සජිත්ට අභියෝග කරන්න කලින් තමන්ට තියෙන අභියෝග ගැන හිතන්න.
සමාජයේ මුල් බැසගත් ඍණාත්මක ආකල්ප බැහැර කොට කටයුතු කරන්න ට කාලය පැමිණ තිබේ. කංසා අපනයනය කිරීමට හැකියාවක් තිබේනම් ඒ සඳහා කටයුතු කිරීමේ ඇති වරද කුමක්ද? ඩයනාගේ පුරවැසිභාවය කුමක් වුවද, ඇය ධනාත්මකව සිතන අයෙක් බව ඇය විසින් ඉදිරිපත් කළ යෝජනා අනුව පෙනේ. සංචාරක ව්‍යාපාරය පිළිබඳ ඇයගේ දැක්ම ද කාලෝචිතය. සංචාරකයන් මෙරටට එන්නේ පැය 8 ක (කාර්යාල වේලාව තුළ) සතුට භුක්ති විඳින්න නොවේ.