(යොහාන් භාසුර)
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන පාසල් වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) පරීක්‍ෂණයක් ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියෙක් අද (18) පස්වරුවේ පැවසීය.
කොළඹ අධ්‍යාපන කළාපයේ ප්‍රශ්න පත්‍ර කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි කොළඹ කළාප කාර්යාලයේ මැදිහත්වීමෙන් මුද්‍රණය කර ඇති බවත් ඒ හේතුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද එම කාර්යාලයට ගොස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගත් බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ අපේ පාසලෙත් හිටියා අංශ භාර ගුරුවරු තමන්ගේ පෞද්ගලික පන්තිවලට එන සිසුන්ට විභාගයේ රහස් කියන. නමුත් සා. පෙළට ගියාම තමා තරු පේන්නේ.