සැමියාට ගෙනා හෙරොයින් කලිසමේ ඉනෙන් මතුවෙයි
කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකුගේ බිරිද එම සැකකරුට දීමට ගෙනා ඩෙනිම් කලිසමක ඉනේ වෙළෙඳ සන්නාමය සලකුණු කර ඇති ලේබලයේ සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් බන්ධනාගාර නිලධාරීන් අද (1) අත්අඩංගුවට ගත් බව අතිරේක බන්ධානගාර කොමසාරිස් ජනරාල්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.