(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ ගොකරැල්ල රෝහලට ආසන්නයේ පිහිටි පිරිවෙන ආසන්නයේදී ඊයෙ 1 වෙනිදා දහවල් එකට පමණ මාර්ගයේ පෙරලී ගිය යතුරුපැදියක් ලංගම බස් රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ මව සහ පුතා එම ස්ථානයේදීම මිය ගිය බව ගොකරැල්ල පොලිසිය පවසයි.
මෙම මාරක අනතුරින් මියගොස් ඇත්තේ මැල්සිරිපුර නීරමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 36 වයසැති රත්නායක සහ හැට දෙහැවිරිදි කමලාවතී යන මව සහ පුතා ය.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි ලෙස රෝගාතුරව අසාධ්‍ය තත්ත්වයේ පසුවන සිය බිරිඳ බැලීමට මවද සමග යතුරුපැදියෙන් යද්දී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
කිසියම් හේතුවක් මත යතුරු පැදිය මාර්ගයේ පෙරළී යාමෙන් පසු කොළඹ සිට හොරොව්පතාන දෙසට ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ හැපී ඇතැයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ලංගම බස් රථයේ රියදුරු මේ සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි මෙතනදිත් බස් රියදුරාට වෙට්ටුවක් ඩාල මෙ මනුස්සයින්ව බේරගන්න බැරිඋනෙ ? මාසයකට කොපමන මනුස්සයින් බස්වලට විතරක් යටවෙලා මැරෙනවද ?
ඔබලා දෙදෙනාටම නිවන්සුව ලැබෙන තෙක් මෙවැනි අකල් මරණයක් නොමවේවා.