
(අංජුල මහික වීරරත්න)
මැතිවරණය සඳහා අපේක්ෂකයන් විසින් තැන්පත් කරන ලද ඇප මුදල් මැතිවරණ කොමිෂන් සභාව වෙනත් කටයුතු සඳහා යොදනවාදැයි විමර්ශනයක් කරන ලෙස ඉල්ලීම සඳහා පාර්ශව තුනක් අද (1) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් මුදල් අමාත්‍යංශයටත් මැතිවරණ කොමිසමටත් පැමිණියහ.
ජනඅරගල පුරවැසියෝ සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් නව ජනතා විමුක්ති පෙරමුණ මුදල් අමාත්‍යංශයටත් මොරටුව ස්වාධීන කණ්ඩායම1 මැතිවරණ කොමිසමටත් ආහ.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි ජන අරගලයේ පුරවැසියෝ සංවිධානයේ ප්‍රධාන ලේකම් චානක බණ්ඩාර මහතා සඳහන් කළේ තැන්පත් කරන ලද අැප මුදල් අවභාවිතා වනවාද යන්න මහජනතාවට බරපතල සැකයක් මතුවී ඇති බවයි.
දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් විසින් තැන්පත් කරන ලද ඇප මුදල් මැතිවරණ කොමිෂන් සභාව විසින් හරියාකාරව අදාළ ගිණුම්වල තැන්පත් කර ඇත්ද නැත්ද යන්න පිළිබඳව විමර්ශනයක් පවත්වා තොරතුරු දැනගැනීමේ පනතේ ඇති අයිතිය අනුව මහජනතාවට හෙළිදරව් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවද චානක බණ්ඩාර මහතා සඳහන් කළේය.
"මහ බැංකුව මංකොල්ල කාපු රටක එවැනි පාලකයන් ඉන්න රටක මැතිවරණ කොමිෂන් සභාව වෙත බැඳපු අපේක්ෂකයන්ගේ ඇප මුදල් වලට මොකද වෙන්නේ කියන එක බරපතල සැකයක් ජනතාවට ඇතිවෙලා තිබෙනවා. මේ මුදල් මැතිවරණ කොමිෂන් සභාව වෙතින් යම් කිසි පිරිසක් බලහත් කාරයෙන් පැහැර ගනීද? මහා බැංකුව කොල්ල කෑව වගේ කොල්ල කයිද? මැතිවරණය තියයිද නැද්ද කියන එක හෙට දිනයේදී අපේ රටේ මිනිසුන්ට බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා යැයි චානක බණ්ඩාර මහතා කීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම නුවනැති පියවරක්
මේක මහ මෝඩ වැඩක්... ඉස්සර කච්චේරියේ මුදල් අංශයේ සේවය කළ අයෙක් ලෙසට මෙම මුදල් ගැන කටයුතු කරන ආකාරය දැක්කා. මුදල් දිසාපති ගිණුමේ තැන්පත් කරන්නේ කච්චේරියේ ලංකා බැංකු ශාඛාවේ තමයි ඉතින් එම මුදල් ඇප තැන්පත් ලේඛනයේ ගිණුම් ගතවෙනවා... මුදල් දිසාපති ගිණුමේ බැංකුවේ තැන්පත් වෙනවා කච්චේරියේ මුදල් ගෙවීම් කරද්දී ඒවා ඇප මුදල්ද නැත්නම් වෙනත් මුදලක් බලන්නේ නැහැ... ගෙවීම් කරනවා ඇප රාජසංතක නොවුණොත් තැන්පත්කරු ඉල්ලීම කළාම ගෙවීම් කරනවා. රාජසන්තක වුණොත් රජයේ ආදායමට ගන්නවා. රජයේ ගිණුම් ක්‍රියාකාරිත්වය නොදන්නා මිනිස්සු මෙහෙම ඒවා කරනවා වෙන්න පුළුවන්...
මැතිවරණය නැවැත්වීමට රනිල්ගේ අවසන් විසඳුම. මේකට නීතිමය පසුබිමක් හෝ ගිණුම් ප්‍රශ්නයක් නෑ.. මේක පරාජය කරන්න ඕන..