(ජේ.ඒ.එල්. ජයසිංහ සහ මහනුවර අධිකරණ සරත් කුසුම්සිරි රණසිංහ)
පේරාදෙණිය විශ්වවිද්යාිලයේ හිටපු උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදීමේ සහ නිවෙසට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධව රිමාන්ඩ් කර සිටි විශ්වවිද්යා ල සිසුන් 14 දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට මහනුවර ප්රිධාන මහේස්ත්රා ත් ශ්රීිනිත විජේසේකර මහතා ඊයේ (1) දා නියෝග කළේය.
විශ්වවිද්යාවල සිසුන් 14 දෙනාට එක් අයකුට රුපියල් 15,000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප ප්රවධාන මහේස්ත්රා ත්වරයා නියම කළේය.
සැකකාර විශ්විවිද්යා ල සිසුන් වෙනුවෙන් ජ්යෙ ෂ්ඨ නීතීඥ සමන් තන්ත්රි0ෙග් මහතා ඇතුළු නීතීඥ මහත්වරු රැසක් අධිකරණයේ පෙනී සිටියහ. සැකකරුවන්ගේ මවුපියන් සමීප ඥාතීන් රැසක් අධිකරණ පරිශ්ර්යට පැමිණ සිටියහ.
සැකකාර සිසුන්ට දැඩි ඇප කොන්දේසි මත ඇප නියම කළ මහේස්ත්රාපත්වරයා ඔවුන්ට යළිත් මාර්තු මස 15 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.
නඩුවේ 14 වැනි සැකකරු වන පේරාදෙණිය විශ්වවිද්යා්ලයේ වත්මන් ශිෂ්යම සංගම් සභාපති චමෝද් තත්සර යන අයට සෑම මාසයකම පළමු සහ තුන්වන ඉරිදා දින පෙ.ව 9.00 - 12.00 අතර කාලය තුළ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට වාර්තා කරන ලෙසට ද නියෝග කළේය.
අනෙකුත් සැකකරුවන්ට සෑම මසකම අවසන් ඉරිදා පෙරාදෙණිය පොලිසියට වාර්තා කරන ලෙස ද අධිකරණය මගින් නියෝග කෙරිණි. පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතීඥ නෙත්මිණි ද සිල්වා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක කාන්ති දිසානායක සහ උපපොලිස් පරීක්ෂක විජේකෝන් යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මහැදුරැ අතුල සේනාරත්නට පහර දුන් සිසුන්ට ඇප
sharm warn Wednesday, 01 February 2023 02:39 PM
එතකොට අතුල මහත්තයාගේ පුතාට කිසිම චෝදනාවක් නැද්ද?