(මනෝප්‍රිය ගුණසේකර)
මෙරට ජනතාවට හා සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා සමුළු තුනකට සහභාගී වීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (01) නියම කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය සංවිධානය කරන “සෞඛ්‍යය මූල්‍යකරණ හා ආර්ථික අභියෝග සමුළුවට” දකුණු ආසියානු කලාපීය රටවල්වල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහභාගීවන ඉන්දියානු සමුළුවට සහ පොදු රජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍ය වරුන්ගේ සමුළුවට සහභාගි වීමට අවසර දෙන්නැයි දිව්රුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් පිළිගනිමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට නියම කළ විනිසුරුවරයා පෙබරවාරි 21 සිට මැයි 20 දක්වා කාලය තුළ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඔහුට විදේශගත වීමට අවසර දුන්නේය.
අත්‍යවශ්‍ය නොවන අවස්ථාවක රූපවාහීනි සංස්ථාවට ජී”අයි” බට මිලදී ගෙන රජයට පාඩු කළ බවට චෝදනා ලැබ සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප නියම කිරීමේදී අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළකාලමින් නියෝගයක් පනවා තිබිණී.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කෙහෙළියට රට යන්න අවසර
fairoos Wednesday, 01 February 2023 05:43 PM
රටම වික්කත් මේ අයට ඇප දෙනවා. අපේ රටේ නීති දේශපාලකයින්ට බලපාන්නේ නැහැ.
nihal Thursday, 02 February 2023 09:13 AM
ආයේ නොඑන්නම පලයන් පවු නොදී