IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නාවිකයන් හතළිහකට රක්ෂණ ඔප්පු

(සුජිත් හේවාජුලිගේ )

නාවිකයන් හතළිස් දෙනෙකුට  වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින්  සමාජ ආරක්ෂණ ඔප්පු අද  ප්‍රදානය කෙරිණ.

රටට ආර්ථිකමය වශයෙන් ඉතා වැදගත් දායකත්වයක් සපයනු ලබන වෘත්තිය කණ්ඩායමක් වන වෙළඳ නාවික ප්‍රවාහන ක්ෂේත්‍රය ආශ්‍රිතව සේවා නියුක්ත නාවිකයින් වෙත ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සහ වෙළඳ නාවික ලේකම් කාර්යාලය ඒකාබද්ධව “ නාවිකයා” නමින් සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වා දී ඇත.

වයස් ගත වීම, රැකියා ආශ්‍රීතව සිදු වන හදිසි අනතුරු සහ රැකියා හේතුකරගෙන ඇතිවන රෝගී තත්වයන් අකර්මන්‍ය වීම, පවුල් ප්‍රතිලාභ සහ යැපෙන්නන්ගේ ආරක්ෂාව යන ක්ෂේත්‍ර පදනම්ව  වෙළඳ නාවිකයන් සදහා අවශ්‍ය සමාජ ආරක්ෂණය මෙම යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වේ.

ඒ අනුව සේවායෝජක නැව් සමාගම්හි අනිවාර්යය මූල්‍ය දායකත්වය මත “ නාවිකයා” නමින් ආරම්භ කල සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකත්වය ලැබු පළමු නාවිකයින් 40 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම සඳහා සමාජ ආරක්ෂණ ඔප්පු ප්‍රදානය වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී  අද පෙරවරුවේ පැවැත්විණ. ACEME International Shipping ( pvt) Ltd සමාගම මගින් රැකියාව සඳහා පිටත්ව යන සහ පිටත්ව ගිය 40 දෙනෙකුගෙන් යුත් නාවිකයින් කණ්ඩායමක් මේ සඳහා ඇතුළත් වේ.

ඔප්පු ප්‍රදානෝත්සවය වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා ඇතුළු නිලධාරීන්  රැසකගේ සහභාගීත්වයෙන්  පැවැත්විණ.



අදහස් (0)

නාවිකයන් හතළිහකට රක්ෂණ ඔප්පු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site