IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලෙඩ වූ ගොයම බලන්න කණ්ඩායම් පහක් මොනරාගලට

(අංජුල මහික වීරරත්න)

ගොයම් කහවීම ඇතුලු රෝග නිසා වී වගාවට සිදුවී තිබෙනව  හානි සම්බන්ධව සොයා බැලීමට  කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කණ්ඩායම් පහක්  මොනරාගලට යැවූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ගොයම් කහ වීම ඇතුළු මෙවර මහ කන්නයේ දී වී වගාව ආශ්‍රිතව වාර්තා වී ඇති රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් ගොවීන්  කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලට පැමිණිලි කර තිබෙි.

වගා හානි සිදු වී ඇති බවට සනාථ වන්නේ නම් වී වගා කර ඇති  අක්කරයකට රුපියල් 40,000ක් බැගින් හෙක්ටෙයාර් 01කට රුපියල් ලක්ෂයක මුදලක් වන්දි වශයෙන් ලබා දීමට කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය කටයුතු යොදා ඇතැයි අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා ගොවීන් විසින් රක්ෂණයක් ලබා තිබීම අනිවාර්ය නොවන අතර රජය විසින් එම මුදල ගෙවනු ලබන බව අමාත්‍යාංශය කියයි.

නමුත් ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වා දී ඇති නව රක්ෂණ ක්‍රමයක් යටතේ  හෙක්ටෙයාර් එකකට කන්නයක දී රුපියල් 6400ක වාරිකයක් ගෙවා රක්ෂණය ලබා ගන්නේ නම්  වගා හානි සිදුවන අක්කරයකට රජය ගෙවන රුපියල් 40,000ට අමතරව තවත් රුපියල් 60,000ක ආවරණයක් යටතේ රුපියල් 100,000ක මුදලක් ලබා ගැනීමට හැකි වන බවත්  ඒ අනුව හෙක්ටයාරයක⁣ට රුපියල් 250,000ක රක්ෂණ වන්දියක් ලබා ගැනීමට අවස්ථාව ලබා දී තිබෙන බවත් අමාත්‍යාංශය කියයි.



අදහස් (1)

ලෙඩ වූ ගොයම බලන්න කණ්ඩායම් පහක් මොනරාගලට

kamal Thursday, 02 February 2023 10:41 AM

බටා එකක් දාගන්න හොඳම අවස්තාවක්. වන්දිය අරන්දෙන්න උදව් කරන්නත් පුළුවන් අපි ගැනත් හොයලා බලනවානම්.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site