(අංජුල මහික වීරරත්න)
ගොයම් කහවීම ඇතුලු රෝග නිසා වී වගාවට සිදුවී තිබෙනව හානි සම්බන්ධව සොයා බැලීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කණ්ඩායම් පහක් මොනරාගලට යැවූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ගොයම් කහ වීම ඇතුළු මෙවර මහ කන්නයේ දී වී වගාව ආශ්‍රිතව වාර්තා වී ඇති රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් ගොවීන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලට පැමිණිලි කර තිබෙි.
වගා හානි සිදු වී ඇති බවට සනාථ වන්නේ නම් වී වගා කර ඇති අක්කරයකට රුපියල් 40,000ක් බැගින් හෙක්ටෙයාර් 01කට රුපියල් ලක්ෂයක මුදලක් වන්දි වශයෙන් ලබා දීමට කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය කටයුතු යොදා ඇතැයි අමාත්‍යාංශය පවසයි.
ඒ සඳහා ගොවීන් විසින් රක්ෂණයක් ලබා තිබීම අනිවාර්ය නොවන අතර රජය විසින් එම මුදල ගෙවනු ලබන බව අමාත්‍යාංශය කියයි.
නමුත් ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වා දී ඇති නව රක්ෂණ ක්‍රමයක් යටතේ හෙක්ටෙයාර් එකකට කන්නයක දී රුපියල් 6400ක වාරිකයක් ගෙවා රක්ෂණය ලබා ගන්නේ නම් වගා හානි සිදුවන අක්කරයකට රජය ගෙවන රුපියල් 40,000ට අමතරව තවත් රුපියල් 60,000ක ආවරණයක් යටතේ රුපියල් 100,000ක මුදලක් ලබා ගැනීමට හැකි වන බවත් ඒ අනුව හෙක්ටයාරයකට රුපියල් 250,000ක රක්ෂණ වන්දියක් ලබා ගැනීමට අවස්ථාව ලබා දී තිබෙන බවත් අමාත්‍යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටා එකක් දාගන්න හොඳම අවස්තාවක්. වන්දිය අරන්දෙන්න උදව් කරන්නත් පුළුවන් අපි ගැනත් හොයලා බලනවානම්.