IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හොක්කට අත දමා කොක්ක ගලවයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

කිසියම් පුද්ගලයකු අටවන ලද ඇමක් ගිල දමා මහත් අපහසුවෙන් සිටි අඩි 13 ක් පමණ දිගින් යුත් කිඹුලකුගේ කටට අත දමා එම ඇම ඉවත් කිරීමට කළුතර මොරන්තුඩුව ගෝනදූව කවටයාගොඩ තරුණයෙක් කටයුතු කළේය.  

ඔහු නමින් උදාර සංජීව නමැති හතළිස් හැවිරිදි තිදරු පියෙකි.

කවටයාගොඩ ප්‍රදේශයේ බොල්ගොඩ ගඟේ අතු ඔයක කිසියම් පුද්ගලයකු අටවන ලද ඇමක් ගිලදැමූ කිඹුලකු සිටින බවට ප්‍රදේශවාසීන් අතර කටින් කට පැතිර ගිය ආරංචිය සැලවී එම ස්ථානයට පැමිණි උදාර සංජීව එහි සිටි අනකුත් පුද්ගලයන්ගේ සහායෙන් දැඩි වෙහෙසක් දරා කිඹුලව ගොඩට ගැනීමට මුලින්ම කටයුතු කර තිබිණි.

අනතුරුව ඉඩ පහසු ස්ථානයකට කිඹුලාව රැගෙන උදාර සංජීව ඇතුළු අනෙකුත් පුද්ගලයන් ආරක්ෂාකාරී අයුරින් කිඹුලාගේ කට විවෘත කර යතුරු පැදි කේබලයක් ආධාරයෙන් අටවා තිබූ කුකුල් බොකු සවිකර තිබූ ඇම ඉවත් කිරීමට දැඩි වෙහෙසක් දරා කටයුතු කෙරිණි.

ඒ සඳහා ඔහුට විනාඩි 30ක පමණ කාලයක් වැය වූ අතර එහි සිටි සෙසු පුද්ගලයන්ගේ සහාය ද නොමඳව ලැබිණි.

 



අදහස් (14)

හොක්කට අත දමා කොක්ක ගලවයි

මං ඒ කිඹුලා Wednesday, 01 February 2023 05:57 PM

මෙම පුවත හා පින්තූරය අනිවාර්යෙන්ම ජාත්‍යන්තර ඇගයීමකට ලක්වනු නොඅනුමානයි. ව්‍යායාමය යෙදුණු සියලුම අපේ කොල්ලන්ට කඩවර ශක්තිය ලැබේවා...!!!

:       2       198

දාස Wednesday, 01 February 2023 07:04 PM

මේ මනුස්සය මොනතරම් අවදානම් වැඩක්ද කරල තියෙන්නෙ , ඔහුට ලොකු අනු කම්පාවක් මේ සතා ගැන ඇතිවෙන්න ඇති . අගය කල යුතු මිනිහෙක්

:       0       36

Dasa P Wednesday, 01 February 2023 09:30 PM

නමත් උදාරයි, වැඩත් උදාරයි... අපි කාටත් කළින් උදාර යයි නිවන්...!

:       0       0

ලසන්ත Wednesday, 01 February 2023 09:39 PM

සත්පුරුෂ ඔබ සැමදෙනටම නිදුක් නිරෝගීබව සසර පුරා සැළසේවා!

:       0       23

Ariyapala Hewgae Thursday, 02 February 2023 07:24 AM

මේක නියම වැඩක්. සොබාදහමට ආදරය කරන මේ වීරයාගේ නිර්භීතකම අපි අගය කළ යුතුයි.

:       0       32

Bunny Preena Thursday, 02 February 2023 09:03 AM

බොහොම අගනා බොහෝ කුසල් ලැබෙන ක්‍රියාවක් .ජාත්‍යන්තරයට ඉස්සෙල්ලා ශ්‍රී ලංකාවේ සත්ව හිංසා පිටුදැකීමේ ව්‍යාපාරයේ ඉන්න අයගේ ප්‍රශන්සාවට සහ ඇගයීමකට ලක් විය යුතු කාරණයක්

:       0       30

ලුම්බිණි Thursday, 02 February 2023 09:14 AM

උගුල අටවපු එකාට දැන් ඕක ගිලින්න කියා කිව යුතුයි.

:       5       14

G.G.wijesingha Thursday, 02 February 2023 09:53 AM

හොඳයි

:       0       12

suneth hemantha Thursday, 02 February 2023 11:09 AM

මේක කරන්න හිතුන පුද්ගලයාට තුති.......

:       0       14

sam Thursday, 02 February 2023 11:32 AM

මෙන්න මේ වගේ මිනිස්සු කරන උදාර වැඩ වලට සම්මාන දෙන්න ඕනි. ඒ වුණාට කාලකණ්නි දේශපාලුවෝ රජකරන යුගයක ඒ දේවල් අගය කරන්නේ නැහැ. උන් වලිකන්නේ මොන ප්‍රෝඩාවක් හරි දාලා බලේ ඉඳගෙන ගසාකන්න තමයි. කාලකණ්නි.

:       0       6

sharm warn Thursday, 02 February 2023 11:36 AM

මෙ ආදරනීය මිනිස්සු කලේ ඉතාම යහපත් ක්‍රියාවක්. . නමුත් මෙ කිඹුලාව අල්ලන්න කවුරු හරි උත්සාහ කලේ ඇයි කියලත් හොයලා බලන්න ඔන නැද්ද ? අනිත් එක, මෙ දවස් වල හැම තැනින්ම කිඹුල්ලු මතු වෙන්නෙ කොහොමද කියලා හොයල බලන්න ඔන නැද්ද?

:       0       7

Sathya Thursday, 02 February 2023 12:17 PM

A Great, meritorious deed. Salute nature lovers.

:       1       8

විජේ Friday, 03 February 2023 09:19 AM

එල කොල්ලෙක්නෙ

:       2       0

surasena Friday, 03 February 2023 11:31 AM

සහභාගී සියලු දෙනාටම නිවන් සුව ලැබේවා

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 187 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 963 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site