‘කළු සතියට’ පක්ෂව අදත් තැන තැන විරෝධතා
ආණ්ඩුවේ නව බදු ක්‍රමයට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිකයන්ගේ එකමුතුව ක්‍රියාත්මක කරන ‘කළු සතිය’ට සමගාමීව මහ බැංකු, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු, සහ වරාය ඇතුළු ක්ෂේත්‍ර රැසක නිලධාරීහූ මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරු අද (26) දිනයේ ද විරෝධතා පැවැත්වූහ.