(විමුක්ති එස් රුද්‍රිගු)
චීන එක්සිම් (අපනයන සහ ආනයන) බැංකුව ශ්‍රී ලංකාවට ණය දීර්ඝ කිරීමක් ලබා දුන් බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම වසර දෙකක කාලයක් සඳහා අත් හිටුවන බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය මුදල ලබා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන බවත් පවසමින් ලිපියක් පසුගියදා චීනයේ එක්සිම් බැංකුව නිකුත් කර තිබිණි.ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝග සහ අසීරුතා චීනයට දැනෙන බවත් චීනයට හැකි උපරිම ධාරිතාවයෙන් ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික සංවර්ධනයන් වෙනුවෙන් සහාය වන බවත් රොයිටර් වාර්තාව පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යංශය පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd