(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බිත්තරයක නිෂ්පාදනය සඳහා යන පිරිවැය සැලකිල්ලට ගෙන බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් වෙළෙඳ හා කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් විසින් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) ඊයේ (25) ඉදිරිපත් කරනු ලැබීය.
මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රායෝගික ගැටලු මතුවිය හැකි හෙයින් මිල සූත්‍රය නැවත සලකා බලන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එම නිලධාරීන්ට එහිදී උපදෙස් දුන්නේය.
ඔහු මෙසේ උපදෙස් දුන්නේ දේශීය කුකුළු නිෂ්පාදන කර්මාන්තය සුරක්ෂිත කරමින් බිත්තර සඳහා සාධාරණ මිලක් තීරණය කිරීම සඳහා කරුණු හතරක් සාකච්ඡා කිරීමට අදාළ නිලධාරින් එම කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.
රටේ බිත්තර ලක්ෂ 30 ක තාවකාලික හිඟයක් පවතින හෙයින් පාරිභෝගික අවශ්‍යතා සැලකිල්ලට ගෙන සීමිත බිත්තර ප්‍රමාණයක් වෙළෙඳපොළ සඳහා ආනයනය කිරීමට කටයුතු කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යංශයේ නිලධාරීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කළහ.
මේ අතර පාරිභෝගිකයාට සාධාරණ වන ආකාරයෙන් බිත්තර මිල සම්බන්ධ ගැටලුවට විසඳුම් සෙවීමට සියලු පාර්ශ්ව උත්සාහ දැරිය යුතු බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.
රුපියල් 51 කට මාස එක හමාරක කාලයක් බිත්තර මිල ස්ථාවරව පවත්වාගෙන පවත්වා ගෙන යෑමට හැකි නම් ඉදිරියේදී බිත්තර මිල අඩු කළ හැකි බව බිත්තර නිෂ්පාදන කර්මාන්තයට අදාළ පාර්ශ්ව දැනුම් දුන් බව කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේය.
මේ අතර දේශීය කුකුළු නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙස කෝප් කමිටුව අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක හරියන්නෙ නැහැ. බිත්තර ප්‍රවර්දන සහ සහයෝගීතා ඇමතියෙක් පත් කරන්න ඔනෙ.
ලෝකයේ කිසිදු රටක නොමැති දේශපාලකයින් සහ නිලධාරීන් අතර බිත්තර ගැටුම/ මතවාද සහ විසඳුමක් නොමැති සාකච්ඡා. මහජනමුදල් සහ කාලය විනාශ කිරීමක්... මෙම සාකජ්ඡාවෙන්ම පෙනේවා...! රටේ නිලධාරින්ගේ සහ දේශපාලනයන් ගැටළු සඳහා විසඳුම් සොයන ආකාරය වගකීමක් සහ වගවීමක් ගැනීමට නොහැකි මෙවැනි කණඩායම් සමග රටක් දියුණු කළ හැකිද? වැඩිකාලයක් යාමට පෙර COPE කමිටුවත් මහජනත්වගේ දැඩි අප්‍රසාදයට හෝ බිත්තර ප්‍රහාරයකට පත්වනු ඇත.