IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ආනන්ද හිමි, විමලඤාණ හිමිට එරෙහිව පැවැරූ නඩුව නිෂ්ප්‍රභා කරයි

(මනෝප්‍රිය ගුණසේකර)

තමන්ගේ කීර්තිය සිදුවු හානියට සහ තමන්ට වු සිත්තැවුල වෙනුවෙන් රුපියල් කෝටි 10ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් පත්බේරියේ විමලඤාණ හිමියන්ට එරෙහිව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවරූ නඩුව ගාස්තුවට යටත්ව නිශ්ප්‍රභ කිරීමට කොළඹ දිසා විනිසුරු පුර්ණීමා පරණගම මහත්මිය නියම කළාය.

වයස්ගත හා අසනීප තත්ත්වයේ පසුවන හෙයින් මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව පවසමින් පැමිණීලිකාර මරුතතේට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුුව විනිසුරුවරිය එලෙසස නියම කළාය .

2016 වසරේ පෙබරවාරි මසයේදී සහ ඊට ආසන්න දිනවලදී ජාතික පුවත්පත් වලට කරන ලද ප්‍රකාශ වලින් තමන්ගේ කීර්තියට හානි වී ඇතැයි සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි 10ක මුදලක් අයකර දෙන්නැයි ඉල්ලමින් මුරුත්තේට්ටුවෙව් ආනන්ද හිමියන් විසින් විමලඤාණ හිමියන්ට එරෙහිව නඩු පවරන ලදී”

විමලඥාන හිමියන් එම නඩුවේදී හරස් ඉල්ලීමක් කරමින් මුරුත්තේට්ටුවෙව් ආනන්ද හිමියන්ගෙන් රුපියලල් කෝටි 20ක වන්දියක් තමන්ට අයකර දෙන්නැයි ඉල්ලීමක් කෙරිණී” මෙම නඩුව අධිකරණයේ කැඳවනු ලැබු අවස්ථාවේදී දෙපාර්ශවයේ නීතීඥවරු ඉදිරිපත් කළ කරුණු සළකා බැලු විනිසුරුවරියය නඩුව ගාස්තුවට යටත්ව නිශ්ප්‍රභ කළාය”

ගන් අයකරන දෙන ලෙස ඉල්ලා මෙම නඩුව පවරා තිබිණි. විත්තිකාර විමල ඥාන හිමියන් ද නඩුව හරස් ඉල්ලීමක් ගොනු කරමින් මිලියන දෙසීයක වන්දියක් පැමිණිලිකාර ආනන්ද හිමියෝ ගෙන ලබාදෙන ලෙස ඉල්ලා තිබිණි .

 

 



අදහස් (1)

ආනන්ද හිමි, විමලඤාණ හිමිට එරෙහිව පැවැරූ නඩුව නිෂ්ප්‍රභා කරයි

Perera Friday, 27 January 2023 04:44 AM

කීර්තිනාමය, මේ අයට කොහේද එහෙම එකක්. බම්බුව තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 763 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site