චාල්ස්ගේ ඉල්ලා අස්වීමෙන් ඡන්දෙට බාධාවක් නෑ සාමාජිකයකු ඉල්ලා අස්වීමෙන් මැතිවරණ කොමිසම අඩපණ වන්නේ නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති, මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 26 January 2023
බිරිය පෙන්නා කොල්ල කෑ සැමියා ඇතුළු පහක් මාට්ටු වීදි ගණිකාවක් ලෙස බිරිය පෙන්වා විවිධ පුද්ගලයන් රවටා පාලු ස්ථානවලට රැගෙන ගොස් කොල්ලකන සැමියා බිරිද ඇතුලු සැකකාර හතර දෙනකු මොරටුව මෝදරදී අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය පැවසීය. 26 January 2023
අහසින් ආ ගල නිවුන් සිඟිත්තන්ගේ - ගැබිණි මවගේත් දිවි බේරා වහලය කඩයි කිලෝමීටරයක පමණ දුරින් පිහිටි ගල්වළක දැමූ ගල්වෙලිල්ලක් හේතුවෙන් විසිවූ ගල් කැබැල්ලක් නිවසක වහළට වැටී හානි සිදු වෙද්දී මාස හතරක් වයසැති නිවුන් දරුවන් හා ගැබිනි මවක අනූ නවයෙන් බේරී ඇතැයි 26 January 2023
දියවන්නාවේ ඔරුවක් පෙරළී අයෙක් අතුරුදන් පාර්ලිමේන්තුව අසළ කිඹුලාවල ප්‍රදේශයේ දියවන්නා ඔයේ අධි ආරක්ෂක කලාපයේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි දෙදෙනකු ගමන්ගත් ඔරුවක් පෙරලීමෙන් අයෙකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි 26 January 2023
’’සාමාජිකාවක ඉවත් වුණත් පුංචි ඡන්දයට බලපෑමක් නෑ’’ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක ඉවත්වීම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොවන බව එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය. 26 January 2023
ලංකා කෙසෙල්වලට චීනයේ හිත යයි ලංකාවෙි කෙසෙල් විශේෂ කිහිපයක් තෝරාගෙන ඒවා චීන වෙළෙඳපොළට අපනයනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සූදානම් බව චීන රජයේ නියෝජිත පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය. 26 January 2023
අටමස්ථානාධිපති හිමිට සන්නස් පත්‍රය ජනපති අතින් අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන්ට සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය සෙනසුරාදා (28) සවස 2.30ට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පැවැත්වේ. 26 January 2023
අදත් සවස තද වැසි බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 January 2023
කුකුලන් 240ක් උස්සලා හතරලියද්ද පොල්වත්ත ප්‍රදේශයේ කුකුළු ගොවිපලකින් හොඳින් වැඩුණ කුකුළන් 240 දෙනකු සොරකම් කරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. 26 January 2023
10 සිසුවිය මවක වෙයි එරාවුර් ප්‍රදේශයේ පිහිටි පාසලක 10වැනි වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක සිය නිවස තුළදී දරුවකු ප්‍රසූත කර ඇතැයි පොලිසිය පවසයි. 26 January 2023
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. 25 January 2023
රැඳවියාට අකර තැබිබක් මරණීය දණ්ඩනය නියම වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා ඇති රැඳවියෙකු තවත් රැඳවියකුට මහා දවාලේදි බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 25 January 2023
කෝටි 87 ගිල්ල ගාල්ල ශ්‍රවණාගාරය ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ශ්‍රවණාගාරයක් ඉදිකිරිම සඳාහා රුපියල් කෝටි 87. 5 ක මුදලක් වැයකර තිබුණද එහි වැඩ නිම නොකිරිම නිසා එම මුදල නිෂ්කාර්ය වියදමක් වී ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. 25 January 2023
බෙල්ල කපා වායුරයිෆලය රැගෙන යයි බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි වායු රයිෆල් සහ ක්‍රීඩා උපකරණ අලෙවි කිරීමේ වෙළඳ සැලකට පෙරේදා 24 වෙනිදා හවස පැමිණි නාඳුනන පුද්ගලයකු එහි සේවකයකුගේ ගෙල ප්‍රදේශය තියුණු ආයුධයකින් කපා වායු පිස්තෝලයක් පැහැර ගෙන පලාගොස් ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි. 25 January 2023
දෙහිවල ගල්කිස්ස හිටපු නගරසභා මන්ත්‍රී ඝාතනයට ‘කොටියා‘ අත්අඩංගුවට දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු මන්ත්‍රී රන්ජන් සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වසර හතරකට පසු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි 25 January 2023
සෙල්ලම් පිස්තෝල රුසියන් යුවළගේ ගමන නවතයි රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රුසියානු ජාතික යුවළක් රැගෙන ආ ගමන් මල්ලේ සෙල්ලම් පිස්තෝල වලට සමාන උපකරණ දෙකක් තිබී කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් සොයා ගන්නා ලදි. 25 January 2023
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී තිබෙි. 25 January 2023
‘කළු ජනවාරිය සැමරුම’ දා මාධ්‍ය වෘත්තිකයන් සුරැකීමට එක්ව පෙරට’යන තේමාව යටතේ ‘කළු ජනවාරිය සැමරුම’ 24 සවස 4.00 සිට බොරැල්ල, නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී පැවැත් විණි. 25 January 2023
උසස් පෙළ අවසානය දක්වා විදුලිය කැපීම අත්හිටුවයි අපොස උසස් පෙළ විභාගය හේතුවෙන් අද (25) සිට විභාගය අවසන් වන ලබන පෙරවාරි මස 17 වැනිදා දක්වා විදුලිය කප්පාදුව අත්හිටුවීමට බලධාරීන් එකඟ වූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අද (25) පස්වරුවේ පැවසීය. 25 January 2023
ජාතික ජනබලවේගය අනුරපුර සමාරම්භක උළෙල හිස් ගොඩක් වෙයි ජාතික ජනබලවේගය පළාත් පාලන මැතිවරණයේ සමාරම්භක උළෙල අද (25) අනුරාධපුර කඩ 50 ප්‍රෙද්ශයේදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 25 January 2023
ජනතාව වෙනුවෙන් ඉදිරියට එන අය සිරගත කිරීම කනගාටුදායකයි රටේ බදු බර වැඩිකර විදුලි බිල වැඩි කර ජනතාවට ජන ජීවිතය පවත්වා ගෙන යාමට නොහැකි මොහොතක රටේ දුක්විදින පොදුජනතාව වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන්ව සිරගත කිරීම සම්බන්ධයෙන් තමා අතිශය කණගාටු වන බවත් සිරගත කර සිටින ආනන්ද පාලිත සහ සංජීව ධම්මික යන මහත්වරුන්ට රටේ අධිකරණ පද්ධතිය විසින් සාධාරණයක් ඉටු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (25) පැවසීය. 25 January 2023
කබ්රාල්ට එරෙහි පැමිණිල්ලක් ඉල්ලා අස්කර ගනියි ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක (රුපියල් කෝටි 211) මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබූ පුද්ගලික පැමිණීල්ලක් අද (25) ඉල්ලා අස්කර ගත්තේය. 25 January 2023
එච්.එම්.එම් රූමි සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය එච්.එම්.එම් රූමි මහතා සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කොට තිබේ. 25 January 2023
පසුගිය වසරේ ලාදුරු රෝගීන් 1,325ක් ශ්‍රී ලංකාව ලාදුරු තුරන් කළ රටක් වශයෙන් සහතික කර ඇතත් පසුගිය වසරේ ද ලාදුරු රෝගීන් 1,325 දෙනකු වාර්තා වී ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. 25 January 2023
පොලීසියට ඇති චෝදනා පොලීසියම නැතිකර ගත යුතුයි මත්ද්‍රව්‍ය නැති කිරීමට නම් පොලීසියේ ඇතැම් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ඇති සබඳතා නැවැත්විය යුතු යැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. 25 January 2023
දවස් තුනට බිත්තර නඩු 64 ක් බිත්තර අළෙවි සම්බන්ධයෙන් පසුගිය දින තුනක් තුළ රට පුරා කළ වැටලීම්වලින් වෙළෙදුන් 64 කට නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවත් එම නඩු අතරට වැඩි මිලට බිත්තර විකිණීමට නඩු 36 ක්, මිල ප්‍රදර්ශනය නොකිරීමට නඩු 26 ක් සහ සන්තකයේ තබාගෙන බිත්තර නොමැති යැයි පැවසීමට නඩු 2 ක් ඇතුළත් බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් අද (25) පැවසීය. 25 January 2023
සජිත්ට - රංජිත්ට මාර්තු 31 තෙක් කල් දෙයි සමගි ජනබලවේගයේ සභාපති හා මහ ලේකම් ධූර දැරීමෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන් වළකාලන්නැයි ඉල්ලමින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවරූ නඩුව සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන මාර්තු 31 වැනිදා ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය නියෝග කළාය. 25 January 2023
ඡන්ද අපට අදාල නෑ පළාත් පාලන මැතිවරණය මේ අවස්ථාවේ තිබිය යුතු ද නැද් ද, බදු අසාධාරණ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මහ බැංකුවට අදහසක් ප්‍රකාශ කළ නොහැකි යැයි මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 25 January 2023
බදු එකතු කරන පද්ධතිය නතරවී කෝටි දාහක් වතුරේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) නමැති මෘදුකාංග පද්ධතිය ආරම්භ කිරීම සඳහා රුපියල් කෝටි 1000 ක් වැයකර ඇතත් එය මේ වනවිට අක්‍රිය තත්වයේ පවතින බව තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) පවසයි. 25 January 2023
ඩී.අයි.ජී. නාලකගේ වැටුප ගැන අධිකරණයෙන් නියෝගයක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත අනිවාර්ය නිවාඩු යවා ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට සම්පූර්ණ වැටුප් ගෙවීමේ හැකියාව සොයා බලන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය. 25 January 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026