(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි වායු රයිෆල් සහ ක්‍රීඩා උපකරණ අලෙවි කිරීමේ වෙළඳ සැලකට පෙරේදා 24 වෙනිදා හවස පැමිණි නාඳුනන පුද්ගලයකු එහි සේවකයකුගේ ගෙල ප්‍රදේශය තියුණු ආයුධයකින් කපා වායු පිස්තෝලයක් පැහැර ගෙන පලාගොස් ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි.
තුවාල ලැබූ එම සේවකයා කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් ව ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
නාඳුනන පුද්ගලයකු මෙම වෙළඳසැල වෙත පැමිණ වායු පිස්තෝලයක් අවශ්‍ය බව සේවකයාට පවසා ඇත සේවකයා වායු පිස්තෝලයක් ඔහුට විකිණීමට පෙර එය පරීක්ෂාකර බැලීමට වෙළඳසැලේ දෙවැනි මහලේ පිහිටි වෙඩිපිටිය වෙත එම පුද්ගලයා ද කැටිව ගමන් කරමින් සිටියදී නාදුනන පුද්ගලයා එක්වරම සේවකයාගේ ගෙළ ප්‍රදේශය තියුණු ආයුධයකින් කපා සේවකයා අතේ තිබූ වායු පිස්තෝලය රැගෙන පලාගොස් ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් ලන්කවෙ තත්වෙ එන්න එන්නම දරුණුවීගෙන එනව..මෙ කාලකන්නි දේශපාලකයන් රටට කරපු වින්නැහියෙ ප්‍රතිපල තමා මෙව.