IMG-LOGO

10 සිසුවිය මවක වෙයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

එරාවුර් ප්‍රදේශයේ පිහිටි පාසලක 10වැනි වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක සිය නිවස තුළදී  දරුවකු ප්‍රසූත කර ඇතැයි පොලිසිය පවසයි.

මේ හා සම්බන්ධව තොරතුරක් ලැබී එරාවුර් පොලිසියේ නිලධාරින් සහ නිලධාරිනියන් කණ්ඩායමක් එම නිවෙසට ප්‍රසූත කර සිටි බිලිඳු දරුවා සොයා ගනු ලැබීය.

මෙම බිලිඳු දරුවා මියගොස් සිටි බව එරාවූර් පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ප්‍රසූත කිරීමෙන් පසු මෙම දරුවා මරා දැමුවේද එසේත් නැත්නම් කිසියම් හේතුවක් මත දරුවා ප්‍රසූත කිරීමේදී මරණය සිදුවී ඇද්දැයි යන්න සොයා ගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා බිලිඳාගේ සිරුර මඩකලපුව ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.

මෙම බාලවයස්කාර සිසුවිය ගැබිණියක් කල බව කියන විසිපස් හැවිරිදි එක්දරු පියෙක් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු එරාවුර් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන සේවකයෙකි.

නිවසේ ඩෙංගු මදුරුවන් පරික්ෂා කිරීමට පැමිණි සෞඛ්‍ය කණ්ඩායමක් අතර සිටි බව කියන මෙම සැකකරු හඳුනාගෙන ඔහුත් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බවත්බාලවයස්කාර සිසුවිය පොලිසියට පවසා ඇතැයි කියති.

මෙම සිසුවිය ලබාදුන් ප්‍රකාශය අනුව සැකකරු අත්අඩංගුවට ගන්නා ලදැයි එම පොලිස් නිලධාරියා කීය.

 



අදහස් (7)

10 සිසුවිය මවක වෙයි

මර්තේනිස් Thursday, 26 January 2023 07:48 AM

අඩු ආදායම්ලාභීන් කියලා රැකියා ලැබූ ගෝඨාභය කල්ලියේ හෙවත් පොහොට්ටු කල්ලියේ අය සව්භාග්‍ය ඇතිකරන ක්‍රමයක් තමයි ඕක

:       12       12

jayasekara Thursday, 26 January 2023 09:58 AM

අපේ නීති ඒගොල්ලෝ වෙනස් කරන්න අකැමැති වුණාම ඔයදේවල් වෙනවා. දෙයියන්ගේම පිහිටයි...!

:       12       6

fairoosThursday, 26 January 2023 12:35 PM

අනේ ඔව් මෙක වෙලාති‌ෙයන්නෙ ලංකාවෙ නෙ‌ෙවයිනෙ? ් යක්කු

:       2       6

altafThursday, 26 January 2023 02:20 PM

ඔයා කියන ජාතියේ නීති මොනවද ?

:       1       3

SurathalaThursday, 26 January 2023 02:54 PM

ජයසේකර, මෙයාලා දෙන්නා බබා හුකුම්ලා.. මොකුත් දන්නේ නැහැ...

:       4       2

Samanthika Saturday, 28 January 2023 09:24 AM

දෙමව්පියන් හොයන්න ඕනෑ දරුවන් ගැන. ඒකතමයි වැරැද්ද.. ආදරේ කරන මුවාවෙන් රැවටීම තමයි කරලා තියෙන්නේ... පව්.., දරුවන් රැවටෙනවා.

:       0       1

Samanthika Saturday, 28 January 2023 09:28 AM

පව් ඒ දරුවා... දෙමව්පියන් හොයන්න ඕනෑ දරුවන් ගැන... අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න තමයි බලන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site