(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)
අපොස උසස් පෙළ විභාගය හේතුවෙන් අද (25) සිට විභාගය අවසන් වන ලබන පෙරවාරි මස 17 වැනිදා දක්වා විදුලිය කප්පාදුව අත්හිටුවීමට බලධාරීන් එකඟ වූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අද (25) පස්වරුවේ පැවසීය.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය ඉන්ධන ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් සහ මහජන උපයෝගිතා යන කොමිසන්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යෝජනා කළ බවත් ඒ සඳහා වැයවන පිරිවැය අයකරගැනීමට අවශ්‍ය කොන්දේසි ඉදිරියේ කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනයේදී ගෙවීමට ප්‍රමුඛතාව දියයුතු යැයි විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම උපදෙස් දුන් බවත් මානව හිමිකම් කොමිසම සඳහන් කළේය.
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය මෙම සමථය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධිකරණය හා පහසුකම් සැපයීමට මැදිහත් වියයුතු බවත් එම අවස්ථාවේ සමතයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව නිර්දේශ වශයෙන් ඇතුළත් කර නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගිතා කොමිසම එකඟ බවත් එම කොමිසම වැඩි දුරටත් සඳහන් කළේය.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේදී අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අද (25) පස්වරුවේ බලශක්ති අමාතයංශයේ ලේකම්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිග සංස්ථාව, ලංකා සහ මහජන යන බැංකුවල සභාපතිවරු එම කොමිසම හමුවට කැඳවූහ.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මානව හිමිකම් කොමිසමට අද පෙරවරුවේ ද සාකච්ඡාවකට සහභාගි විය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
උසස් පෙළ අවසානය දක්වා විදුලිය කැපීම අත්හිටුවයි
මහසෙන් Wednesday, 25 January 2023 08:50 PM
බොරු බයිලා ගහන්න එපා යක්කුනේ.මේ දැනුත් කැපුවා .
Sunil Wednesday, 25 January 2023 08:52 PM
මෙපමණ කලක් සිසු දරු දැරියන් සහ ඔවුන්ගේ අනාගතය ප්‍රාණ ඇපයට තබා ගනිමින් මේ කාලකන්නි ඇමතියා සහ පිනාධිපති කර තිබෙන්නේ විශාල ප්‍රෝඩාවකි
wicky Wednesday, 25 January 2023 09:39 PM
අපෙ පැත්තෙ එහෙම ළමයි නැතුව ඇති නේද? කොහොමත් ඔය ඇමතිලා වගේ කට්ටිය ඉන්න පැති වලට කපන්නෙ නැහැනෙ..මේකත් ඒ වගේ වෙන්න ඇති
Buddika Thursday, 26 January 2023 04:58 AM
ඊයෙත් (25) දෙපාරක් විදුලිය කැපුවා .හවස 6 සහ රාත්‍රී
LGPJ Thursday, 26 January 2023 06:28 AM
උසස් පෙළ අයදුම්කරුවන්ට හොඳ තීරණයක්!!!!
Rohana Thursday, 26 January 2023 07:14 AM
දවස් 365 ම උසස්පෙල විභාගය පවත්වමු. ඒතකොට විදුළිය කකපන්න වෙන්නෙ නැහැ.
Bunny Preena Thursday, 26 January 2023 09:53 AM
මොවුන් දැන් තරඟෙට බොර කියන්නේ .ඊයේ රාත්‍රියේ වත්තල හුණුපිටිය ප්‍රදේශයේ කැපුවා .වැඩ බැරි උන්ව ලොකු ලොකු නිලතල වලට පත් කරපුවාම වෙන දේවල් තමයි
fairoos Thursday, 26 January 2023 12:21 PM
ඉතාම හොඳ තීරනයක්..