(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)
අපොස උසස් පෙළ විභාගය හේතුවෙන් අද (25) සිට විභාගය අවසන් වන ලබන පෙරවාරි මස 17 වැනිදා දක්වා විදුලිය කප්පාදුව අත්හිටුවීමට බලධාරීන් එකඟ වූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අද (25) පස්වරුවේ පැවසීය.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය ඉන්ධන ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් සහ මහජන උපයෝගිතා යන කොමිසන්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යෝජනා කළ බවත් ඒ සඳහා වැයවන පිරිවැය අයකරගැනීමට අවශ්‍ය කොන්දේසි ඉදිරියේ කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනයේදී ගෙවීමට ප්‍රමුඛතාව දියයුතු යැයි විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම උපදෙස් දුන් බවත් මානව හිමිකම් කොමිසම සඳහන් කළේය.
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය මෙම සමථය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධිකරණය හා පහසුකම් සැපයීමට මැදිහත් වියයුතු බවත් එම අවස්ථාවේ සමතයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව නිර්දේශ වශයෙන් ඇතුළත් කර නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගිතා කොමිසම එකඟ බවත් එම කොමිසම වැඩි දුරටත් සඳහන් කළේය.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේදී අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අද (25) පස්වරුවේ බලශක්ති අමාතයංශයේ ලේකම්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිග සංස්ථාව, ලංකා සහ මහජන යන බැංකුවල සභාපතිවරු එම කොමිසම හමුවට කැඳවූහ.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මානව හිමිකම් කොමිසමට අද පෙරවරුවේ ද සාකච්ඡාවකට සහභාගි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු බයිලා ගහන්න එපා යක්කුනේ.මේ දැනුත් කැපුවා .
මෙපමණ කලක් සිසු දරු දැරියන් සහ ඔවුන්ගේ අනාගතය ප්‍රාණ ඇපයට තබා ගනිමින් මේ කාලකන්නි ඇමතියා සහ පිනාධිපති කර තිබෙන්නේ විශාල ප්‍රෝඩාවකි
අපෙ පැත්තෙ එහෙම ළමයි නැතුව ඇති නේද? කොහොමත් ඔය ඇමතිලා වගේ කට්ටිය ඉන්න පැති වලට කපන්නෙ නැහැනෙ..මේකත් ඒ වගේ වෙන්න ඇති
ඊයෙත් (25) දෙපාරක් විදුලිය කැපුවා .හවස 6 සහ රාත්‍රී
උසස් පෙළ අයදුම්කරුවන්ට හොඳ තීරණයක්!!!!
දවස් 365 ම උසස්පෙල විභාගය පවත්වමු. ඒතකොට විදුළිය කකපන්න වෙන්නෙ නැහැ.
මොවුන් දැන් තරඟෙට බොර කියන්නේ .ඊයේ රාත්‍රියේ වත්තල හුණුපිටිය ප්‍රදේශයේ කැපුවා .වැඩ බැරි උන්ව ලොකු ලොකු නිලතල වලට පත් කරපුවාම වෙන දේවල් තමයි
ඉතාම හොඳ තීරනයක්..