IMG-LOGO

අහසින් ආ ගල නිවුන් සිඟිත්තන්ගේ - ගැබිණි මවගේත් දිවි බේරා වහලය කඩයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )​

​කිලෝමීටරයක පමණ දුරින් පිහිටි ගල්වළක දැමූ ගල්වෙලිල්ලක් හේතුවෙන් විසිවූ  ගල් කැබැල්ලක් නිවසක වහළට වැටී හානි සිදු වෙද්දී මාස හතරක් වයසැති නිවුන් දරුවන් හා ගැබිනි මවක අනූ නවයෙන් බේරී ඇතැයි 

අක්කර 20ක පමණ ප්‍රදේශයක පැතිරුණු මෙම ගල්ව‍ෙ වෙඩි දමා  කඩන අතර ඉන් විසි වූ ගල් කැබැල්ලක් මෙසේ වැටීමෙන් නිවසට හානි සිදුවී ඇතැයි නිවෙස් හිමියා පැමිණිලි කළ බව මීරිගම පොලිසිය කියයි.

වහලයට ගල් කැබැල්ල වැටී උළු කැට හා සිවිලම කැඩී බිත්තියේවූ විදුලි පේනුවකටද හානි සිදු කරමින් පුටුවක් මතට වැටී ඇතැයි හෙලිවී ඇත. 

මාස හතරක් වන නිවුන් දරුවන් දෙදොනා හා මවත් ​ ​නිවසේ සිටි ගැබිනියකත් මෙම සිද්ධියෙන් තුවාල නොලබා බේරී ඇත්තේ අනූ නවයෙන් බව ගම්වාසීහු සදහන් කරති

ගල් වළවල් නිසා මීට පෙර අවස්ථාවලදීද තම නිවෙස් හා​ දේපල හා සිදුවී ඇතැයි ගම්වාසීහු සදහන් කළහ.

 



අදහස් (5)

අහසින් ආ ගල නිවුන් සිඟිත්තන්ගේ - ගැබිණි මවගේත් දිවි බේරා වහලය කඩයි

Nihal Thursday, 26 January 2023 01:32 PM

ගල් කොරිය වහන්නෙ, සියයට සියක් වන්දි ගෙවන්න අදිකරනයෙ සහය පතන්න

:       5       17

චමින්ද Thursday, 26 January 2023 03:43 PM

ගල්කොරිය වැහුවම කී දෙනෙකුගේ රැකියා නැතිවේද බලන්න කරන්න තියෙන්නෙ ගල් කොරිය වැසීමද නැත්නම් ආරක්ෂක උපක්‍රම යොදාගෙන පවත්වා ගැනීමද හොද කියලා බලන්න එහෙම නැතුව කර්මාන්ත වසාගෙන රටක් හදන්නෙ කොහොමද

:       8       14

ShanFriday, 27 January 2023 02:59 PM

මීට කලිනුත් සීමා මායිම් යොදා ආරක්ෂිතව කරගෙන යාමට උපදෙස් දීලා තිබුණත් ඒ නිසි ආරක්ෂිත ක්‍රම පිළිපදින්නේ නැතුව මෙම ගල්වල කරන නිසානේ ආයේ ආයෙත් මේ වගේ අනතුරු සිදුවන්නේ.. රැකියාවල් රකින්නත් මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා වෙලා තියෙන්න ඕනේ නේද මහත්තයා....!

:       0       4

සුරංග Thursday, 26 January 2023 01:36 PM

මරන්න බැරිකෙන ගලේ ගැහුවත් මරන්න බැහැ කියන්නෙ ඕකට තමයි වාසනාවන්ත දරුවො දෙන්නෙක් මව්වරු දෙන්නෙක් කියන්න පුළුවන්

:       0       21

ඉරේෂ් කුමාර Thursday, 26 January 2023 06:42 PM

දෙවියන්ගේ පිහිටෙන් කාටවත් කරදරයක් නැත්තේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site