(මුදිතා දයානන්ද)
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ශ්‍රවණාගාරයක් ඉදිකිරිම සඳාහා රුපියල් කෝටි 87. 5 ක මුදලක් වැයකර තිබුණද එහි වැඩ නිම නොකිරිම නිසා එම මුදල නිෂ්කාර්ය වියදමක් වී ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.
ව්‍යපෘතිය සම්පූර්ණයෙන් නිම කිරිම සඳහා මුල් ඇස්තමේන්තුව රුපියල් කෝටි 170ක් වුවද අවස්ථා දෙකකදී එය රුපියල් කෝටි 315ක් දක්වා වැඩිකර ඇත බවද එම වාර්තාවේ සඳහන් වේ.විගණන වාර්තාවට අනුව 2022 පෙබරවාරි 22 වන විටත් එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වල ප්‍රගතිය සියයට පහළොවකි.
එම වාර්තාවට අනුව මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙන්නේ කිසිදු ශක්‍යතා අධ්‍යයනයකින් තොරවය. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරිම් සඳහා මිලදි ගත් ද්‍රව්‍ය දිගු කලක සිට අනාරක්ෂිතව ඉදිකිරීම් භූමියේ ගොඩගසා තිබේ. එසේම ව්‍යාපෘතිය සඳහා පවරා ගන්නා ලද හෙක්ටයාර 2.7ක ඉඩමද ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගත නොහැකි වීම නිසා නිෂ්කාර්ය සම්පතක් බවට පත්ව තිබේ.
මේ බව සඳහන් වන්නේ ජාතික විගණකාධිපති දෙපාර්තමේන්තුව 2021 වසරේ දෙසැම්බර් 31 දිනට නිකුත් කළ විගණකාධිපති වාර්ෂික වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වජිර පොහොසත්
කොමිස් එක සාක්කුවට දාගත්තාට පස්සේ ඕවා හැදුවත් එකයි, නැතත් එකයි...
අරගලයට පිං සිද්ධ වෙන්න ගාල්ලේ පාර්ලිමේන්තු ගිය මන්ත්‍රී තම මේ විශ්ව කර්ම වැඩේ කලේ. දැං එයාට රාජගිරියේ පැත්තේ මාලිගාවකුත් තියෙනවලු. නරකද වත්කම් උපයාගත් හැටි හොයා බැලුවා නම් .
බදු පිට බදු ගහල කරන තවත් එක් මගඩියක් විතරයි . මේවට තමයි අපි බදු ගෙවන්නේ ....................... මේවා කරපු උන්ට මොනවද කරන්නේ. හොරා කන උන්ගේ මුදල් ආපසු රජයට ගන්නවාද
ආ.. ඔය තියෙන්නෙ අපෙන් ගහන "සාදාරණ" බද්දෙන් කරන වැඩ. . කොච්චර ආඩම්බරයි ද අපිට ඉතින්. .
හැම මගඩියක් සහ දූෂණයක් සම්බන්ධව හෙළිවෙන්නේ විගණනයට ගියාට පස්සේ. මෙම වංචාවලට ඔය ලොකුපුටුවල ඉන්න අයත් සම්බන්ධ නිසා තමයි එවැනි කටයුතු අධීක්ෂණය නොකරන්නේ සහ නොවන්නේ... මෙවැනි අය කිසිම ලෙඩක්, දුකක් නැතිව යහතින් ජීවත් වෙන එකනේ පුදුමේ...