(යොහාන් භාසුර)
බිත්තර අළෙවි සම්බන්ධයෙන් පසුගිය දින තුනක් තුළ රට පුරා කළ වැටලීම්වලින් වෙළෙදුන් 64 කට නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවත් එම නඩු අතරට වැඩි මිලට බිත්තර විකිණීමට නඩු 36 ක්, මිල ප්‍රදර්ශනය නොකිරීමට නඩු 26 ක් සහ සන්තකයේ තබාගෙන බිත්තර නොමැති යැයි පැවසීමට නඩු 2 ක් ඇතුළත් බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් අද (25) පැවසීය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් පසුගිය 22 වැනිදා රට පුරා බිත්තර වැටලීම් නැවත ආරම්භ කළ බව කී එම නිලධාරියා තව දුරටත් වැටලීම් ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විකාරයේ අවසන් ඵලය බිත්තර ආනයනය. ගොවිපල සියල්ල වැසීයාම. මස් ආනයනය. ඇමතිට සහ අර කෝප්පෙට ගිහිල්ලා සත්ව නිෂ්පාදන අධ්‍යක්ෂ තුමියට පාට් දාපු එකාලට කොමිස්..... හොඳා බලමු බිත්තර කාලා
මේවාට සුපර් මාර්කට් අදාල නැද්ද? ඊට අමතරව ඔය මොනවා ඇල්ලුවත්, ප්‍රධාන පෙලේ හාල් නිෂ්පාදන සමාගම්, "සම්බා" වෙනුවට "සුපිරි සම්බා" කියලා නම් වෙනස් කරලා වැඩි ගානට විකුණනකොට අර "සම්බා" කියන හාල් නැත්තටම නැති කරල කතා කරන්න කිසිම කෙනෙක් නැහැනෙ.