(පුෂ්පකුමාර ජයරත්න )
මැතිවරණයක් කැඳවා තිබෙන අවස්ථාවක මැතිවරණ නීති රීති උල්ලංඝනය වන ආකාරයට වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගේ නියෝගයක් මත මැතිවරණ රාජකාරි කටයුතු භාර නිලධාරිනියක වන හලාවත ප්‍රාදේශීය සභාවේ ලේකම් ශ්‍රියානී ජයසිංහ මහත්මියට ලබාදී තිබෙන ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් මහතා තහනම් නියෝගයක් කළේය.
මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් අසාධාරණ ලෙස තමන්ට ලබාදී ඇති ස්ථාන මාරුව අවලංගු කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රියානී ජයසිංහ මහත්මිය විසින් ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගනිමින් මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළේය.
වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ, වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න, වයඹ පළාත් පාලන කොමසාරිස් එච්.එම්.සී.ජයලත්, වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා හලාවත ප්‍රාදේශීය සභාව මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබු අතර ජ්‍යෙෂ්ඨ නීතීඥ සංජීව විජේපාල මහතා මාර්ගයෙන් එම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආඅ , ඔක්සිජන්ගෙ ඇප නැතිවිමෙ ප්‍රතිපල වගෙ. ජිල්මාර්ට් සෙට්කරගෙනද?
මෙහෙම වෙන්න ඇත්තේ මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවා ඇතත් තවමත් ප්‍රාදේශීය සභා ක්‍රියාත්මක වීමෙන් සභාපතිට අවශ්‍ය කටයුතු කරන්න නොහැකි නිසා කියලා පැහැදිලියි... මේ වෙලාවේ රජයේ දේපළ පාවිච්චියට ගැනීමට සභාපති කටයුතු කරනවිට ලේකම් විරුද්ධව ඉන්න ඇති.. හරි නම් මාරු නියෝගය දුන් නිලධාරින්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන්න ඕනෑ මෙහෙම තත්වයක් පළාත් සභාවල තියෙද්දී නේද ජනාධිපති 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනෑ කියන්නේ බලතල නැතුව මෙහෙම නම් ඔක්කොම දුන්නොත් කොහොම වේද?