IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හලාවත ප්‍රා. සභා ලේකම්වරියගේ මාරුවට අධිකරණයෙන් තහංචියක්

(පුෂ්පකුමාර ජයරත්න )

මැතිවරණයක් කැඳවා තිබෙන අවස්ථාවක මැතිවරණ නීති රීති උල්ලංඝනය වන ආකාරයට වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගේ නියෝගයක් මත මැතිවරණ රාජකාරි කටයුතු භාර නිලධාරිනියක වන හලාවත ප්‍රාදේශීය සභාවේ ලේකම් ශ්‍රියානී ජයසිංහ මහත්මියට ලබාදී තිබෙන ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් මහතා තහනම් නියෝගයක් කළේය.

මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් අසාධාරණ ලෙස තමන්ට ලබාදී ඇති ස්ථාන මාරුව අවලංගු කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රියානී ජයසිංහ මහත්මිය විසින් ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගනිමින් මහාධිකරණ විනිසුරුවරයා  එම නියෝගය නිකුත් කළේය.

වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ, වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න, වයඹ පළාත් පාලන කොමසාරිස් එච්.එම්.සී.ජයලත්, වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා හලාවත ප්‍රාදේශීය සභාව මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබු අතර ජ්‍යෙෂ්ඨ නීතීඥ සංජීව විජේපාල මහතා මාර්ගයෙන් එම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

 



අදහස් (2)

හලාවත ප්‍රා. සභා ලේකම්වරියගේ මාරුවට අධිකරණයෙන් තහංචියක්

ravin Wednesday, 01 February 2023 03:37 PM

ආඅ , ඔක්සිජන්ගෙ ඇප නැතිවිමෙ ප්‍රතිපල වගෙ. ජිල්මාර්ට් සෙට්කරගෙනද?

:       0       2

Ananda sirisena Wednesday, 01 February 2023 03:54 PM

මෙහෙම වෙන්න ඇත්තේ මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවා ඇතත් තවමත් ප්‍රාදේශීය සභා ක්‍රියාත්මක වීමෙන් සභාපතිට අවශ්‍ය කටයුතු කරන්න නොහැකි නිසා කියලා පැහැදිලියි... මේ වෙලාවේ රජයේ දේපළ පාවිච්චියට ගැනීමට සභාපති කටයුතු කරනවිට ලේකම් විරුද්ධව ඉන්න ඇති.. හරි නම් මාරු නියෝගය දුන් නිලධාරින්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන්න ඕනෑ මෙහෙම තත්වයක් පළාත් සභාවල තියෙද්දී නේද ජනාධිපති 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනෑ කියන්නේ බලතල නැතුව මෙහෙම නම් ඔක්කොම දුන්නොත් කොහොම වේද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site