ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ. 24 September 2024
අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ. 24 September 2024
පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ් අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරයා ලබන 08 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (24) නියෝග කළේය. 24 September 2024
ජනපති හෙට ජාතිය අමතයි ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. 24 September 2024
එජාප සන්ධානයට පොහොට්ටුව නෑ එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (24) පැවසීය. 24 September 2024
සජසයේ අගමැති අපේක්ෂක සජිත් ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ. 24 September 2024
හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නාය. 24 September 2024
අලුත් ජනපතිට IMF සහය මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායම සමග කටයුතු කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය. 24 September 2024
උඩරට දුම්රිය ගමනාගමනයට බාධා බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 24 September 2024
රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 24 September 2024
සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි. 24 September 2024
ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම් ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැබූ විශ්වාසය ගැන සිහි තබා ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ප්රජාතන්ත්රවාදී සම්ප්රදායයන් රකිනු ඇතැයි දැඩිව බලාපොරොත්තු වන බවත් ලංකා සභාව ජනපති පදවි ප්‍රාප්තිය පිළිබඳ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 24 September 2024
කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින් කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ බව දුම්රිය මගීහු පවසති. 24 September 2024
ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහා යාමට ලංගම සහ පෞද්ගලික බස් රථ ප්‍රමාණවත් නොවිම හමුවේ ඇතැම් පෞද්ගලික බස් රථ හිමියන් අධික මුදලක් අය කර එම මගින් කොළඹ දක්වා ප්‍රවාහනය කරන බව මගින් චෝදනා කර කරති. 24 September 2024
ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය. 24 September 2024
පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි? පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 24 September 2024
තෙප්පම පෙරැළි ධීවරයා මරුට යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි. 24 September 2024
ජනපති දවටගහ පල්ලියට යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය. 24 September 2024
දෙදරු පියා වගා ළිඳකට බිලි බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි. 24 September 2024
නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක් 2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 24 September 2024
පළාත් කිහිපයකට අදත් වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 24 September 2024
හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මියගිය ලෙබනන් සිවිල් වැසියන් ගණන 492 දක්වා ඉහළ ගිය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 24 September 2024
වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි . 24 September 2024
පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී සඳහන් කර තිබේ. 24 September 2024
ජනපති කාදිනල් තුමන් බැහැදකී රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය. 24 September 2024
යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 24 September 2024
යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි. 24 September 2024
උතුරු පළාත් අාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය. 23 September 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026