
(කේ.බුද්ධික කුමාරසිරි)
කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ බව දුම්රිය මගීහු පවසති.
කොස්ගම වග දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් වූ මෙම දුම්රිය එම අවස්ථාවේදී මගීන්ගෙන් පිරී තිබූ බවද එක්වරම දුම්රිය ඇන්ජිම වෙන්ව යාමත් සමග ඇති වූ තත්වය නිසාවෙන් මගීන් දැඩි ලෙස කලබලයට පත් වූ බවද ඔවූහු පවසති.
මේ නිසාවෙන් දුම්රිය ධාවනය ප්‍රමාදවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත් වූ බවද එම මගීහු පවසති.
අනතුරුව දුම්රිය රියදුරු සහ සහයක එක්ව යළිත් දුම්රිය ඇන්ජිම දුම්රිය මැදිරි දක්වා පසුපසට ධාවනය කර එකට සම්බන්ධ කිරීමෙන් පසු යළි කොළඹ කොටුව දක්වා ධාවනය කර ඇත.
මේ ආකාරයෙන් දුම්රිය ඇන්ජිම සහ දුම්රිය මැදිරි වෙන් වූ ප්‍රදේශය තැනිතලා ප්‍රදේශයක් බවත් මේ ආකාරයෙන්ම මෙම ස්ථානයේදී මෙයට පෙරද දුම්රිය ඇන්ජිම සහ දුම්රිය මැදිරි ගැල වී ගොස් තිබූ බවද කැළණි වැලි දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු සිදු කරන මගීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවත් ජනාධිපතිගේ අවදානය යොමු වෙන්න ඕන දේවල්. රට කාර්යක්ෂම කරන්න තියෙන ප්‍රධාන එකක් තමයි වෙලාවට වැඩ කරන්න දුම්රිය සේවාවක් තියෙන එක.
තනිවයි උපන්නේ ,තනිවයි මැරෙන්නේ .මේ ඩිංගේදී ඇයි කොළම් නටන්නේ...
ඔතන හොල්මන් තියනවා 1933 මේ ස්ථානයේ අනතුරක් වුනා කියලා අපි දන්නවා