
(නිමල කොඩිතුවක්කු)
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
ඒ අනුව බිත්තරයක මිල රුපියල් 28 ත් 30 ත් අතර මිලකට අළෙවි වන බව වෙළඳපල ආරංචිමාර්ග සඳහන් කරයි.
සුපිරි වෙළඳසැල්වල ඇති බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 650ත් 675ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගික ජනතාව පෙන්වා දෙයි.
බිත්තර නිශ්පාදනය ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම බිත්තර මිල පහල යාමට හේතුවී ඇතැයිද බිත්තර නිශ්පාදකයින් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිකිල්යෝ හිටි ගමන් බිත්තර දෙක දෙක දාන්න අරගෙන එකපාර. සාමාන්‍ය දැනුමක්.තියෙන කෙනෙකුටත් තේරෙනවනෙ මොකද්ද වෙන්නේ කියලා. මේවා තමයි රටේ ප්‍රශ්න .කොහොම වුණත් ගාණ අඩුවුණු එක හොඳයි .
හොරා කාලා ඇති වෙලාද? හොරා කන්න බය වෙලාද
බොහොමයක් නගරවල කොළපාට නාම පුවරු සහිත සුපිපි කඩවල තියෙන්නේ වාර්තාවේ කියන මිලට තමයි සමහර විට ඒවා ගම් බිත්තර වලටත් වඩා මිල වෙන්නේ ඒවා රත්තරන් බිත්තර නිසා වෙන්නෙ ඇති
ත්‍රිරෝද රථ සහ පෞද්ගලික බස් මාෆියාව ගැන කුමක් කිව හැකිද, ඔවුන් මුදල් සහ කාලය ලෙස අහිංසක මිනිසුන්ගෙන් කොපමණ මුදලක් උරා බොනවාද?
දැක්කද අපේ ජනාධිපති සහෝදරයාගේ වැඩ! කිකිලියොත් බය වුණා.
නලින් ප්‍රනාන්දු වගේ ඇමැතිකම නැති වුණා විතරයි... කොහොමද බිත්තර මිල අඩුවුණු හැටි..?
බිත්තර මාෆියා එකක් තියෙනවා ලංකාවේ. ඔවුන්ට ඕනෑ විදිහටයි ගණන්... මේවා බලන්න හිටපු ආණ්ඩුවට වුවමනාවක් තිබ්බේ නැහැ. මේ ආණ්ඩුවෙන්වත් බිත්තර වගේම බස් ත්‍රීවීල් මාෆියා එක ගැන බලන්න ඕනෑ. පාලනය කරන්න ඕනෑ. පාරිභෝගිකයෝ හැමදාම දුකේ...